ඉතියෝපියානු අග්‍රාමාත්‍යවරයා හා චීන විදේශ අමාත්‍යවරයා අතර හමුවක්
2023-01-11 10:11:23
Share with:

ඉතියෝපියානු අග්‍රාමාත්‍යවරයා හා එරට සංචාරයක නිරත වන චීන විදේශ අමාත්‍යවරයා හමු වෙති.

ඉතියෝපියා අග්‍රාමාත්‍ය Abiy Ahmed Ali මහතා හා චීන විදේශ අමාත්‍ය Qin Gang මහතා ඊයේ(10) අඩිස් අබාබා අගනුවරදී එම හමුව පැවැත්වූහ. Qin Gang මහතා විදේශ අමාත්‍ය ධූරයට පත්වීමෙන් පසු ප්‍රථම සංචාරක රට ලෙස ඉතියෝපියාව තෝරා ගැනීමෙන් දෙරටේ ගැඹුරු මිතුදම හා ද්විපාර්ශ්වික සබඳතාවේ වැදගත්කම පිළිබිඹු වන බව Abiy Ahmed Ali මහතා එහිදී පැවසීය. චීනය හා ඉතියෝපියාව අතර යටිතල පහසුකම්, හරිත ආර්ථික, කෘෂි කර්මාන්ත, කාර්මික පුර ගොඩනැගීම ඇතුළු විවිධ ක්ෂේත්‍රවල පැවති සහයෝගිතා ආදර්ශයක් ලෙස සැලකිය හැකි ය. චීන සමාගම් වැඩි ප්‍රමාණයක් ඉතියෝපියාවේ ආයෝජනය කිරීම පිළිගන්නා බව Abiy Ahmed Ali මහතා සඳහන් කළේය.

චීන ඉතියෝපියා රාජ්‍යතාන්ත්‍රික සබඳතාව ගොඩනැගීමෙන් පසු ගෙවී ගිය වසර 50කට වැඩි කාලය තුළ ජාත්‍යන්තර තත්ත්වය කෙසේ වෙනස් වුව ද දෙරට තිරසරව එක්ව රැඳී සිටිමින් ඉදිරියට ගමන් කරන බව Qin Gang මහතා කියා සිටියේය. සංවර්ධනය වෙමින් පවතින රටවල එකමුතුවෙන් සහයෝගිතා පැවැත්වීමේ මනා ආදර්ශයක් දෙරට බිහි කර තිබේ. මෑත වසර කිහිපය තුළ දෙරටේ නායකයන් සමීප ලෙස සම්බන්ධීකරණ පවත්වමින් නව තත්ත්වය යටතේ දෙරටේ සබඳතා සංවර්ධන දිශාව පැහැදිලි කර තිබේ. විවිධ ක්ෂේත්‍රවල සහයෝගිතා ගැඹුරු කරමින්, ඉතියෝපියාවේ යළි ගොඩනැගීමේ ක්‍රියාවලියට එක්වීමට චීනය කැමැත්තෙන් සිටී. ඉතියෝපියාව එරට සිටින චීන ජාතිකයන්ගේ හා ආයතනයන්හි ආරක්ෂාව හා නීත්‍යානුකූල අයිතිවාසිකම් තහවුරු කරනු ඇතැයි චීනය අපේක්ෂා පළ කරන බව Qin Gang මහතා අවධාරණය කළේය.

ගුවන් විදුලිය
20240329සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම