කොවිඩ් වසංගතය පාලනයේ දී ඇමරිකාවේ පිළිකුල් සහගත ක්‍රියාකලාපය
2023-01-11 15:06:35
Share with:

චීනයේ කොවිඩ් වසංගත පාලනයේ නව ක්‍රමවේද ක්‍රියාවට නැංවීමත් සමඟ, චීන සංචාරකයන්ගේ පැමිණීම පිළිබඳ රටවල් රැසක් සිය පිළිගැනීම් ප්‍රකාශයට පත් කර තිබේ. ‘ චීන සංචාරකයන්ට දකුණු අප්‍රිකාවේ සංචාරය කිරීමට ආරාධනා කරමු. ’ යනුවෙන් දකුණු අප්‍රිකා කලාපය සිය ඇරයුම විවෘතව ප්‍රකාශ කර ඇත. ඒ අනුව මැඩගස්කරයේ හෝටල් ද චීන සංචාරකයන්‍ පිළිගැනීමට සූදානම් කර තිබේ. කෙසේ වෙතත්, යම් කිසි රටක් ජාත්‍යන්තරයේ පොදු ජනමතයට පටහැනිව ගෝලීය වසංගත පාලනයට බාධා එල්ල කරන බව ඉතා පැහැදිලිය.

මේ දිනවල, ඇමරිකාව චීනයෙන් පැමිණෙන සංචාරකයන්ට සිය රටට ඇතුළු වීමට සීමා පනවමින්, චීනය සඳහා කොවිඩ් එන්නත් ඇතුළු ආධාර ලබා දීමට සූදානම් වන බව ප්‍රකාශයට පත් කර තිබේ. මේ අයුරින් ව්‍යාජ සහගත දෙබිඩි ක්‍රියාවන් සිදුකිරීම එරට නිරතුරු සිදු කරන ක්‍රියාවකි. පසුගිය වසර 3 තුළ, වසංගත පාලනයේ අසාර්ථක වූ රටක් ලෙස ඇමරිකාව ලෝකයේ ඉදිරියෙන්ම සිටියේය. එහෙත්, වසංගත පාලනය සඳහා වන ගෝලීය නායකයා හා අනුබල දෙන්නා ලෙසින් සක්‍රියව ක්‍රියා කරමින් සිටින බව පෙන්වීමට උත්සාහ කරයි.

‘ ගෝලීයව කොවිඩ් එන්නත් සැපයීමේ ප්‍රමුඛතම රට ’ තමන් බව ඇමරිකාව විසින්ම ප්‍රචාරය කරමින් සිටී. 2023 වර්ෂයට පෙර, අවම වශයෙන් බිලියන 1.1ක කොවිඩ් එන්නත් ලොව රටවලට ලබා දෙන බවට පොරොන්දු විය. නමුත් පසුගිය 5වැනි දා වන විට, ලබා දී ඇත්තේ එන්නත් කෝටි 66.51ක් පමණි. එරට රෝග පාලනය හා වැළැක්වීමේ මධ්‍යස්ථානයේ දත්තයන්ට අනුව, 2021 වසරේ මාර්තු මාසයේ සිට සැප්තැම්බර් මාසය දක්වා, අවම වශයෙන් කෝටි 1.51ක එන්නත් මාත්‍රා විශාල ප්‍රමාණයක් අපතේ ගොස් ඇත. ඇමරිකාව එන්නත් අවශ්‍ය රටවලට  කඩිනමින් බෙදා හැරීමට අවධානය යොමු නොකර, විශාල තොගයක් ගබඩා කර තබාගෙන ඒවා කල් ඉකුත් වීමට ඉඩ හැරීම පිළිකුල් සහගත කරුණකි.

ඇමරිකාවේ මෙම හැසිරීම්වලට සාපේක්ෂව ගතවූ වසර 3 තුළ, චීනය බිලියන 1.4කට වැඩි ජනගහනයකගේ ජීවිත සුරක්ෂිත කරමින්, වගකීම් සහගත ලෙස ජගත් ප්‍රජාව සමග ද වසංගත පාලනය උදෙසා සහයෝගීතාවයෙන් කටයුතු කර ඇත. මේ වනවිට, රටවල් 153ක් සහ ජාත්‍යන්තර සංවිධාන 15ක් සඳහා චීනය බිලියන සිය ගණනාවක වසංගත පාලනය සඳහා අත්‍යවශ්‍ය සැපයුම් ලබා දී ඇත. එමෙන්ම රටවල් 120කට වැඩි සංඛ්‍යාවකට සහ ජාත්‍යන්තර සංවිධානවලට බිලියන 2.2ක කොවිඩ් එන්නත් මාත්‍රා සැපයීම ද විශේෂත්වයකි.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම