සිරියාවට මානුෂවාදී සහනාධාර ලබාදීමේ විශේෂ අනුමැතිය මාස හයකින් දීර්ඝ කෙරේ
2023-01-10 09:27:41
Share with:

දේශසීමා ඔස්සේ සිරියාවට මානුෂවාදී සහනාධාර ලබාදීම සඳහා වන විශේෂ අනුමැතිය මාස හයකින් දීර්ඝ කිරීමට අදාළ යෝජනාවක් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය  සම්මත කරයි.

අංක 2672 දරන එම යෝජනාවට අනුව, අදාළ අනුමැතිය ලබන ජූලි 10 වනදා දක්වා දීර්ඝ කර ඇත. මීට පෙර සම්මත ව පැවති අංක 2642  යෝජනාවෙන් හිමි වූ, Bab al-Hawa දේශසීමා ප්‍රදේශය හරහා මානුෂවාදී සහනාධාර ලබාදීමේ අනුමැතිය බලාත්මක වූයේ  ජනවාරි 10වනදා දක්වා පමණකි. 

ආරක්ෂක මණ්ඩලයේ යෝජනාවන්ට පක්ෂපාතීව චීනය ඡන්දය ප්‍රකාශ කළ බව එක්සත් ජාතීන්ගේ චීන ස්ථාවර නියෝජිත චාං ජුන් මහතා ඊයේ(9) ප්‍රකාශ කළේය. එවන් යෝජනා මගින්, සිරියානු ජනතාවගේ මානුෂවාදී තත්ත්වය යහපත් කිරීම සඳහා ආරක්ෂක මණ්ඩලය ඇතුළු එක්සත් ජාතීන්ගේ අදාළ ආයතනවලට අඛණ්ඩව සහාය විය හැකි යැයි චීනය බලාපොරොත්තු වන බව ද ඔහු කියාසිටියේය.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම