වතු කම්කරුවන්ගේ සේවක අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම සඳහා විශේෂ නීති
2023-01-10 14:51:25
Share with:

වතු කම්කරුවන්ගේ සේවක අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම සඳහා වන විශේෂ නීති ගෙන එන බව කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පවසයි.

වතු කම්කරුවන් මෙරටට පැමිණ වසර දෙසියක් ගත වීම නිමිත්තෙන් ක්‍රියාත්මක කරනු ලබන වැඩසටහන් සම්බන්ධයෙන් වතු වෘත්තීය සමිති නියෝජිතයින් සමග අමාත්‍යංශයේ පැවැති සාකච්ඡාවකදී අදාළ නීති සම්බන්ධයෙන් අවධානය යොමුකර තිබේ.

අය වැය යෝජනා අනුව මෙම වසර තුළදී එක් කම්කරු නීති සංග්‍රහයක් සකස් කරන අතර වතු කම්කරුවන් සඳහා වන විශේෂ නීති එයට ඇතුළත් කිරීමට කටයුතු කරන ලෙස අමාත්‍යවරයා එහිදී නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම