දකුණු කොරියානු පුරවැසියන් සඳහා චීනය පැමිණීමට අදාළ කෙටි කාලීන වීසා නිකුත් කිරීම අත්හිටුවේ
2023-01-10 16:15:55
Share with:

දකුණු කොරියානු පුරවැසියන් සඳහා චීනය වෙත කෙටි කාලීන වීසා නිකුත් කිරීම අත්හිටුවීම පිළිබඳ නිවේදනයක්  නිකුත් කෙරේ. දකුණු කොරියාවේ චීන තානාපති කාර්යාලය විසින් අද(10)  එය නිකුත් කර තිබේ.

අද සිට, දකුණු කොරියාවේ චීන තානාපති කාර්යාලය සහ කොන්සල් කාර්යාල විසින්,  දකුණු කොරියානු පුරවැසියන් සඳහා, ව්‍යාපාර, සංචාරක, වෛද්‍ය ප්‍රතිකාර, සංක්‍රමණ සහ සාමාන්‍ය පෞද්ගලික කටයුතු ඇතුළු චීනයට පැමිණීමට අවශ්‍ය කෙටිකාලීන වීසා  නිකුත් කිරීම අත්හිටු‌වා ඇත.

දකුණු කොරියාව චීනයට වෙනස් කොට සැලකීමේ සීමාවන් අවලංගු කළහොත්, එම පියවරයන් ඊට අනුකූල අයුරෙන් සකස් කෙරෙනු ඇත.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම