නිසි කලට නිසි පියවර ගන්නා චීනය ඇමරිකාවේ අභිප්‍රායන්ට අනුව ක්‍රියා නොකරනු ඇත
2023-01-10 10:52:20
Share with:

ගෝලීය ආයෝජකයෝ මේ වනවිට තම ව්‍යාපාර සඳහා චීනයට යළි පැමිණීමේ උනන්දුවෙන් පසුවෙති. එවැනි ආයෝජන ආයතනවල විශේෂඥයන්ගේ අදහස් බ්‍රිතාන්‍ය Financial Times පුවත්පත ද    පසුගිය දා වාර්තා කර ඇත. පසුගිය 8 වනදා සිට චීනයේ වසංගත පාලනය නව අදියරකට පිවිස ඇති අතර, එයින් ගෝලීය ආයෝජකයන්ට දැඩි විශ්වාසයක් ඇති වූ බව ද එම වාර්තාවේ දැක්වේ. චීනය සහ විදේශ රටවල් අතර මානව සම්පත් හුවමාරුව සහ ව්‍යාපාරික සංචාර ශීඝ්‍රයෙන් යළි ගොඩනංවන බවට චීනයේ සිටින විවිධ විදේශ වාණිජ සංගම් යන ආයතන  විශ්වාසය පළ කර තිබේ. එමෙන්ම විදේශ ව්‍යවසායන් ප්‍රකාශ කරන්නේ, සිය ආයතනවල ඉහළ මට්ටමේ නිලධාරීන්  චීනයේ සංචාරය කිරීමට අදාළ කාලසටහන් සකසා, අදාළ ව්‍යාපෘති කඩිනම් කර නව ආයෝජන අවස්ථා සොයාගන්නා බවයි.

ගතවූ වසර තුන තුළ ඇමරිකාව සෑම විටම ඇතැම් පුද්ගලයන්ගේ වැරදි සොයමින් පසුවිය. වසංගත තත්ත්වය උග්‍ර වූ අවස්ථාවල දී   චීනයේ ක්‍රියාත්මක කෙරුණු දැඩි වසංගත වැළැක්වීමේ ප්‍රතිපත්ති හේතුවෙන් විදේශ ආයෝජකයන්ගේ විශ්වාසය පිරිහී ඇති බවත්, ව්‍යාපාර කිරීම අපහසු බවත් ඔවුහු පැවසූහ. රට" විවෘත කරන" ලෙස ඔවුන් චීනයෙන් ඉල්ලා සිටියහ. වර්තමාන තත්ත්වයට අනුව, චීනය නව ප්‍රතිපත්ති ක්‍රියාත්මක නංවන අවස්ථාවේ ඔවුන් පවසන්නේ, චීනයේ වසංගත තත්ත්වය විදේශ ව්‍යවසායන්ට අවදානම රැගෙන එනු ඇති බවයි. චීනය කුමක් කළත්, ඇමරිකාවේ අරමුණ වෙනස් නොවේ. කාර්මික දාමය චීනයෙන් බැහැර කිරීම සඳහා ඔවුන් හැකි සෑම උත්සාහයක්ම දරති. මෙම දෙබිඩි පිළිවෙත තුළින්, චීනයට පහර දීමේ ඇමරිකානු අභිප්‍රාය මනාව පිළිබිඹු වේ.

එහෙත් ඇමරිකානු ආර්ථිකය විමසීමේ දී " අවපාතය " ආර්ථික විද්‍යාඥයන්ගේ සහ ආයෝජකයන්ගේ පොදු පුරෝකථනය බවට පත්ව ඇති අයුරු පෙනේ. අන් අයගේ මාර්ගය අවහිර කිරීමට උත්සාහ කිරීමෙන් අවසානයේ සිදුවන්නේ තමාගේම මාර්ගය අවහිර වීම පමණකි.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම