2022 වසරේ දී සමස්ත චීනය පුරා මිලට ගැනුණු ධාන්‍ය ප්‍රමාණය කිලෝ බිලියන 400 ඉක්මවයි
2023-01-10 16:13:00
Share with:

2022 ගිම්හාන සෘතුවේ චීනයේ ධාන්‍ය සංචිත එක්රැස් කිරීම මනා සාර්ථකත්වයක් අත් කර ගනී. එසේම, සරත් සෘතුවේ ධාන්‍ය අස්වනු ද නිසියාකාරයෙන් රැස් කර ඇතැයි චීන ජාතික ධාන්‍ය හා ද්‍රව්‍ය සංචිත කාර්යාංශය පවසයි.

සියලු ධාන්‍ය ව්‍යවසායන් මගින් ඉකුත් වසරේ මිලට ගෙන ඇති ධාන්‍ය ප්‍රමාණය කිලෝග්‍රෑම් බිලියන 400ක් වෙතැයි ගණන් බලා ඇති අතර, මෙය පසුගිය වසරවල වාර්තා වූ සාමාන්‍ය අගයට සමාන වේ.

මේ වනවිට චීනයේ  මධ්‍යම රජය, පළාත්, නාගරික සහ කෝරළ යන මට්ටම්වලින් ආහාර හදිසි සැලසුම් පද්ධතියක් පිහිටුවා ඇති අතර, ස්ථාවර සහ හදිසි ආහාර සැකසුම්, බෙදාහැරීම් සහ සැපයුම් ජාල පද්ධතියක් ද ස්ථාපිත කර තිබේ.

ගුවන් විදුලිය
20241126අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම