දුර්වල වසංගතය විද්‍යාත්මකව හඳුන්වාගැනීමෙන් සංවර්ධනය කරා ගමන් කළ යුතුයි
2023-01-10 10:21:33
Share with:

වසර 3කට ආසන්න කාලයක් කොවිඩ් 19 වසංගතයෙන් සමස්ත ලෝකයටම දැඩි බලපෑම් සිදු කර තිබේ. එහි බලපෑම කොතරම්ද යත් වසර ගණනාවක් යන තුරු නැවතත් යථාවත් ආර්ථිකයක් ගොඩ නැඟීමට අපහසු වී ඇත. එවන් වකවානුවක බටහිර මතවාද නොතකා නව සංවර්ධන මාවත කරා ගමන් කිරීමේ අවශ්‍යතාවය චීනය මැනවින් හඳුනාගෙන ඇතැයි ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී තරංගි අතුරලිය මහත්මිය පවසයි.

ශ්‍රී ලංකාව ඇතුළු බහුතරයක් සංවර්ධනය වෙමින් පවතින රටවල් මේ වන විට දරුණු ආර්ථික ආගාදයකට වැටී ඇත. කොවිඩ් හේතුවෙන් අඩාල වූ ආයෝජන, අපනයන, කර්මාන්ත සහ සේවා සංචිතය නැවත ගොඩ නැඟීම අවශ්‍ය කරුණකි. එවන් පසුබිමක චීනය දුර්වල වසංගත ප්‍රභේද පිළිබඳ විද්‍යාත්මක පර්යේෂණයන් පවත්වා එහි බලපෑම අවම බව හඳුනාගැනීමේන් අනතුරුව සමාජ වටපිටාව ජනතාව වෙත නිදහස් කිරීමට පියවර ගැනීම පිළිබඳව ඇය සිය ප්‍රසාදය පළ කර සිටී.

චීනය වැනි ආර්ථික සංවර්ධනය කරා අඛණ්ඩව පියවර මනින රටක් ගන්නා වූ එවැනි තීරණයන්ගේ ප්‍රතිඵල බලපාන්නේ චීනයට පමණක් නොවේ. ශ්‍රී ලංකාව වැනි ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම‍ට අපේක්ෂාවෙන් සිටින අනෙකුත් රටවලටය. එබැවින් චීනය කොරොනා සම්බන්ධයෙන් ගත් මේ පියවර බටහිර මාධ්‍ය ‍බලපෑම් හෝ විවේචන නොතකා ගෝලීය සංවර්ධනය කරා යන අඛණ්ඩ ගමන ශක්තිමත් කළ යුතු බව ද ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී තරංගී අතුරලිය මහත්මිය සඳහන් කලාය.

ගුවන් විදුලිය
20240726සකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම