2023 වසරේ චීනය ගෝලීය ආර්ථික සංවර්ධනයේ ප්‍රබල ගාමක බලවේගයක් වන බවට අනාවරණයක්
2023-01-10 10:18:34
Share with:

ගෝලීය ආර්ථික සංවර්ධනය සඳහා චීනය අඛණ්ඩව ශක්තිමත් ගාමක බලවේගයක් වන බව 2023 චීනය සහ ගෝලීයකරණය පිළිබඳ වාර්තාව පවසයි.

චීනය සහ ගෝලීයකරණය පිළිබඳ මධ්‍යස්ථානය විසින් එම වාර්තාව ඊයේ (9) නිකුත් කරන ලදි. එම වාර්තාව මගින් චීන - ඇමරිකානු සබඳතා, යුක්රේන අර්බුදය, ජාත්‍යන්තර මූල්‍ය පද්ධතිය, “එක් තීරයක් එක් මාවතක්”වැඩපිළිවෙළ, ජාත්‍යන්තර සංචාරක ව්‍යාපාරය, ඩිජිටල් ආර්ථිකය සහ දේශගුණ විපර්යාසය ඇතුළු ඉදිරි වසර තුළ දී අපේක්ෂිත ගෝලීයකරණයේ සංවර්ධන ප්‍රවණතාවයන් පිළිබඳ පුරෝකථනය කර තිබේ.

මෙම වාර්තාවට අනුව, යුක්රේන අර්බුදය සාකච්ඡාමය ප්‍රවේශකට සහ ගැටුම්වලින් තොර සහජීවන මාවතකට අවතීර්ණය වීම, ගෝලීය මූල්‍ය පද්ධතිය අඛණ්ඩව සකස් වීම, පරිභෝජනය ආර්ථික ප්‍රකෘතිමත් වීමේ සහ සංවර්ධනයේ එන්ජිම වනු ඇතැයි චීනය අපේක්ෂා කිරීම, එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙල දසවැනි සංවත්සරයෙන් පසු සංවර්ධනයේ නව අදියරකට පිවිසීම, චීනය සහ ගෝලීයකරණය මිශ්‍ර ආර්ථිකයට මනා ශක්‍යතා සහ නම්‍යශීලිත්වය විදහා දැක්වීම යනාදිය 2023 වසරේ දී ගෝලීයකරණ සංවර්ධනයේ ප්‍රවණතා දහයට ඇතුළත් වේ.

2023 වසරේ දී චීනය වසංගත වැළැක්වීම , පාලන පියවරයන් සහ ඇතුල්වීමේ සහ පිටවීමේ ප්‍රතිපත්ති ප්‍රශස්ත කරන බැවින්, ගෝලීය ආර්ථික සංවර්ධනය සඳහා චීනය අඛණ්ඩව ප්‍රබල උත්තේජනයක් සපයනු ඇති බව මෙම වාර්තාව මගින් වැඩිදුරටත් අවධාරණය කරයි.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම