පාකිස්ථානයේ පශ්චාත් ආපදා ඉදිකිරීම්වලට අඛණ්ඩ ව සහායක් දක්වන්නැයි චීනය ජගත් ප්‍රජාවෙන් ඉල්ලයි.
චීන ජාත්‍යන්තර සංවර්ධන සහයෝගිතා ඒජන්සියේ ප්‍රධානි Luo Zhaohui මහතා මෙසේ ඉල්ලා සිටියේ, ‘පාකිස්ථානයේ පශ්චාත් ඉදිකිරීම් හා කාලගුණ නම්‍යශීලීත්වය පිළිබඳ ජාත්‍යන්තර සංසදය’ ට ඊයේ(09) එක්වෙමිනි. පාකිස්ථාන රජය, එක්සත් ජාතීන්‌ගේ සංවිධානය හා එක්ව එම සංසදය පැවැත්වූයේ ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර දී ය.
Luo Zhaohui මහතා පවසන්නේ, පසුගිය වසරේ දැවැන්ත ගංවතුර හටගත් අවස්ථාවේ චීන රජය හා ජනතාව කූඩාරම් සහ ආහාර ඇතුළු හදිසි සහනාධාර සැපයුම් නිසි කලට පාකිස්ථානයට ලබාදුන් බවයි. විපතට පත් ප්‍රදේශවලට වෛද්‍ය විශේෂඥ කණ්ඩායම් හා ආපදා සහන විශේෂඥ කණ්ඩායම් යොමුකිරීමට ද පියවර ගැනිණ. මීට අමතරව, පාකිස්ථානයේ පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් ඇ.ඩො. කෝටි 10ක ආධාරයක් ලබාදීමට ද චීනය කැමැත්තෙන් සිටී. එමෙන් ම, විපත් වැළැක්වීම සඳහා එරට වෘත්තිකයන් හා නිලධාරීන් 1000 දෙනෙකු පුහුණු කිරීමට චීනය සූදානම් බව ද Luo Zhaohui මහතා කියාසිටී.