චීන විදේශ ඇමති රුසියානු, පාකිස්ථාන හා දකුණු කොරියානු විදේශ ඇමතිවරුන් සමග දුරකථන සංවාදයන්ට එක්වෙයි
2023-01-10 10:41:51
Share with:

චීන විදේශ ඇමති Qin Gang මහතා සහ රුසියාව, පාකිස්ථානය  හා දකුණු කොරියාව යන රටවල් තුනේ විදේශ ඇමතිවරුන් සමග දුරකථන සාකච්ඡා  පවත්වයි.

එම සාකච්ඡා ඊයේ(9) සිදුකෙරිණ.

චීන-රුසියානු සබඳතාවන්ට පදනම් වී ඇත්තේ නොබැඳීම, ගැටුම් ඇතිකර නොගැනීම සහ තුන්වන පාර්ශ්ව ඉලක්ක නොකිරීම යන මූලධර්ම බව, Qin Gang මහතා රුසියානු විදේශ ඇමති Sergey Lavrov මහතා සමඟ පැවසීය. දෙරට රාජ්‍ය නායකයන් දෙදෙනා  එළඹුණු වැදගත් එකඟතා මනාව ක්‍රියාත්මක කොට ද්විපාර්ශ්වික සබඳතා ඉදිරියට රැගෙන යාම සඳහා රුසියාව සමඟ කටයුතු කිරීමට චීනය කැමැත්තෙන් සිටින බව ද Qin Gang මහතා සඳහන් කළේය.

චීනය හා පාකිස්ථානය අතර විශේෂ මිත්‍රත්වයක් හා ඉහළ අන්‍යෝන්‍ය විශ්වාසයක් පවතී. පාකිස්ථානය සමඟ එක්ව සාම්ප්‍රදායික මිත්‍රත්වය ගැඹුරු කොට නව යු‍ගයේ වඩා සමීප, පොදු ඉරණමක් සහිත චීන-පාකිස්ථාන ප්‍රජාවක් ගොඩනැගීමට චීනය බලාපොරොත්තු වන බව Qin Gang මහතා පාකිස්ථාන විදේශ ඇමති Bilawal Bhutto Zardari මහතා සමඟ පැවති දුරකථන සංවාදයේ දී පැවසීය.

චීන-දකුණු කොරියානු සබඳතාවන් හි විධිමත් හා ස්ථීර වර්ධනය දෙපාර්ශ්වයේ පොදු අයිතිවාසිකම්වලට අනුකූල වන අතර, දෙරට නායකයන් එළඹුණු එකඟතා ක්‍රියාවට නංවමින් සබඳතාවන්හි ස්ථාවර‍ වර්ධනය තහවුරු කිරීමට අපේක්ෂා කරන බව Qin Gang මහතා, දකුණු කොරියානු විදේශ ඇමති  Park Jin මහතා සමඟ පැවසීය.

Qin Gang මහතා චීන විදේශ අමාත්‍ය ධුරයට අලුතින් තේරී පත්වීම සම්බන්ධයෙන් රුසියානු, පාකිස්ථාන හා දකුණු කොරියානු විදේශ අමාත්‍යවරු සුබ පැතුම් පළ කළහ.  රාජ්‍ය නායකයන් පැමිණ ඇති වැදගත් එකඟතා ක්‍රියාත්මක කොට ද්විපාර්ශ්වික සබඳතාවන්හි නව වර්ධනය උදෙසා කැපවී ක්‍රියාකරන බව ද ඔවුන් පවසා ඇත.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම