හම්බන්තොට ආශ්‍රිතව ඛනිජ තෙල් පිරිපහදුවක් ස්ථාපිත කිරීමට සුදුසු ආයෝජකයෙකු තෝරාගැනීම සඳහා අභිලාෂ කැඳවීමට කැබිනට් මණ්ඩල තීරණයක්
2023-01-10 14:47:50
Share with:

හම්බන්තොට ආශ්‍රිතව ඛනිජ තෙල් පිරිපහදුවක් ස්ථාපිත කිරීමට සුදුසු ආයෝජකයෙකු තෝරාගැනීම සඳහා අභිලාෂ කැඳවීමේ නිවේදන නිකුත් කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කරයි.

හම්බන්තොට ආශ්‍රිතව අපනයන අරමුණු කර ගත් ඛනිජ තෙල් පිරිපහදුවක් සහ ආශ්‍රිත නිෂ්පාදන සැකසුම් මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීමේ ඉහළ විභවතාවක් පවතින බව හඳුනා ගෙන ඇත

එම ආයෝජන අවස්ථාව උපයෝගී කර ගැනීමට විවිධ පාර්ශ්වයන් හා විදේශීය ආයෝජකයන් විසින් උනන්දුවක් දක්වනු ලබයි.

ඒ අනුව හම්බන්තොට ආශ්‍රිතව ඛනිජ තෙල් පිරිපහදුවක් ස්ථාපිත කිරීම සඳහා සුදුසු ආයෝජකයෙකු තෝරාගැනීම සඳහා අභිලාෂ කැඳවීමේ නිවේදන නිකුත් කිරීමට විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම