පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව ඇප මුදල් තැන්පත් කිරීම ලබන 20 වනදා දහවල් 12 දක්වා
2023-01-09 15:14:12
Share with:

පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව ඇප මුදල් තැන්පත් කිරීමට ලබන 20 වනදා දහවල් 12 දක්වා අවස්ථාව හිමිව ඇත. ඒ අනුව මේ වනවිට විවිධ දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් විසින් පළාත් පාලන ආයතන 23 ක් සඳහා ඇප මුදල් තැන්පත් කර තිබේ.

 ඒ කොළඹ, කළුතර, මහනුවර, බදුල්ල සහ වව්නියාව දිස්ත්‍රික්වලට අදාළවය.

නාමයෝජනා භාරගැනීම ලබන 18 වනදා සිට 21 වනදා දහවල් 12 දක්වා සිදුකිරීමට නියමිතයි. පුත්තලම දිස්ත්‍රික්කය සදහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නියෝජිතයින් නාමයෝජනා සදහා අත්සන් තැබීම රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කොළඹ දිස්ත්‍රික්කය සදහා ඇප මුදල් තැන්පත් කිරීම අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී  සිදු කර තිබේ.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම