ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර යෝජිත නිදහස් වෙළෙඳ ගිවිසුමට අදාළ තුන්වැනි වටයේ සාකච්ඡා ඇරඹේ
2023-01-09 15:17:14
Share with:

ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර යෝජිත නිදහස් වෙළෙඳ ගිවිසුමට අදාළ තුන්වැනි වටයේ සාකච්ඡා අදින් (09) ආරම්භ වීමට නියමිතව තිබේ.

ඊට සහභාගීවීමට තායිලන්ත වෙළෙඳ සාකච්ඡා දෙපාර්තමේන්තුවේ, අධ්‍යක්ෂ ජනරාල් අවුරමන් සුප්තාවිතුම් මහත්මියගේ ප්‍රධානත්වයෙන් යුත් 26දෙනෙකුගෙන් සමන්විත විශේෂ නියෝජිත කණ්ඩායමක් ඊයේ (08) දිවයිනට පැමිණියහ.

ඒ අනුව දෙරට අතර යෝජිත නිදහස් වෙළෙඳ ගිවිසුමට අදාළ තුන්වැනි වටයේ සාකච්ඡා අද සහ හෙට (10) යන දින දෙක තුළ කොළඹදී පැවැත්වීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය කියා සිටී.

භාණ්ඩ වෙළෙඳාම, සේවා වෙළෙඳාම, ආයෝජන, ප්‍රභවස්ථාන රීති, රේගු සහයෝගීතාව හා වෙළෙඳාම් පහසුකරණය සහ ආර්ථික සහයෝගීතාව යන ක්ෂේත්‍ර පිළිබඳව එහිදී විශේෂ අවධානයක් යොමුකිරීමට නියමිතය.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම