අභියෝග ජය ගැනීමට චීන ජනතාව තුළ ඇති කැපවීම හා අධිෂ්ඨානය අගය කළ යුතු ආදර්ශයක්
2023-01-09 08:59:20
Share with:

අභියෝග ජය ගැනීමට චීන ජනතාව තුළ ඇති කැපවීම හා අධිෂ්ඨානය චීන ජනාධිපති ෂී ජින්පිං මහතා නව වසර වෙනුවෙන් පිරිනැමූ සුබ පැතුම් පණිවිඩයෙන් යළිත් පිළිබිඹු වූ බව දේශපාලන උපදේශිකා ශිරාණි පෙරේරා මහත්මිය පවසයි. වසර දහස් ගණනක් පුරා චීන ජනතාව විවිධ අභියෝග ජය ගත්තේ ස්වෝසාහයෙනි. ලොව දෙවන ආර්ථිකය දක්වා චීනය පැමිණි ගමන මල් ඇතිරූ මාවතකින් පැමිණි ගමනක් නොවේ. කඳුළු, දහඩිය මැදින් පැමිණි එම ගමනේ බොහෝ ජයග්‍රහණ නෙළා ගැනීමට චීනය සමත් වී ඇත. ලොවටම බරපතල ව්‍යසනයක් වූ කොරොනා අභියෝගය චීනය ජය ගනිමින් සිටින්නේ ද එම අධිෂ්ඨානය හා කැපවීම තුළිනි. චීන ජනාධිපතිවරයා ගේ  මෙවර සුබ පැතුම් පණිවිඩයේ සඳහන් පරිදි  “ජයග්‍රාහී ආලෝකය දැකීමට හැකිය”යන වැකියෙන් එම අධිෂ්ඨානයත් විශේෂයෙන් සුබවාදී දැක්මත් පිළිබිඹු වන බව ශිරාණි පෙරේරා මහත්මිය කියා සිටී. නව කොරොනා වසංගතය මතු වීමෙන් පසු සෑම විටම ජනතාව හා ජීවිතයට ප්‍රමුඛතා ලබා දීමේ මූලධර්මය මත ක්‍රියා කළ බව චීන ජනාධිපතිවරයා එහිදී අවධාරණය කළේය. මෙය චීනය ප්‍රායෝගිකව ඔප්පු කර ඇති දෙයකි. සංවර්ධිත රටවල පවා කොරොනා මරණ විශාල සංඛ්‍යාවක් වාර්තා වී තිබිය දී සංවර්ධනය වෙමින් පවතින රටක් ලෙස චීනය එම මරණ සංඛ්‍යාව අවම කර ගැනීමට සමත් වී ඇත. විද්‍යාත්මක, නිවැරදි, තත්ත්වයන්ට අනුකූලව කාලෝචිත ලෙස සිය වසංගත පාලන ප්‍රතිපත්ති සකස් කිරීමට චීනය පියවර ගැනීම මෙන්ම චීන ජනාධිපතිවරයා ප්‍රමුඛ චීන කොමියුනිස්ට් පක්ෂයේ සංවිධානාත්මක පාලන ව්‍යුහය ඊට බලපෑ බව තම හැඟීම යැයි ද ඇය සඳහන් කරයි.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම