චීනයේ ක්‍රියාත්මක නව කොරොනා වසංගත පාලනය ජගත් ප්‍රජාවේ පැසසුමට
2023-01-09 10:39:11
Share with:

ගතවූ වසර 3 තුළ නව කොරොනා වසංගත පාලනයෙන් චීනය ලබා ගත් ප්‍රගතීන් ජගත් ප්‍රජාවේ පැසසුමට ලක් වෙයි.

ඊයේ(08) සිට චීනය නව කොරොනා වෛරස ආසාදනය ‘බෝවන B වර්ග රෝගය පිළිබඳ A මට්ටමේ’ සිට ‘ B මට්ටම’ දක්වා අවම කර තිබේ. පසුගිය දින වල, චීන රජය රටේ පවතින සැබෑ තත්ත්වයන්ට අනුකූල වන පරිදි වසංගත පාලන ක්‍රියා පිළිවෙළ සකස් කර ඇත. ඒ ආර්ථික සංවර්ධනය වඩා සුමට අයුරින් සිදුකිරීම උදෙසා ය.

මේ පිළිබඳව සිංගප්පූරු ජාතික විශ්වවිද්‍යාලයේ Lee Kuan Yew පොදු ප්‍රතිපත්ති පීඨයේ උප ආචාර්ය Gu Qingyang පවසන්නේ චීනය වසංගතය ප්‍රශස්ත අයුරින් පාලනය කිරීමෙන් ජනතාවගේ නීරෝගිතාව සාක්ෂාත් කිරීම පමණක් නොව, ලෝක ආර්ථිකය ස්ථාවර කිරීම සඳහා ද සුබවාදී දායකත්වයක් ලබා දී ඇති බවයි.

ස්පාඤ්ඤයේ Tressis සමාගමේ ප්‍රධාන ආර්ථික විද්‍යාඥ Daniel Lacalle මහතා සඳහන් කරන්නේ චීනය සිය වසංගත පාලන ක්‍රියා පිළිවෙළ සංශෝධනය කිරීම 2023 වසරේ වෙළඳපොළේ ‘ විශාලතම ප්‍රතිලාභයක් ’ වනු ඇති බවයි. මෙමගින් නිසැකවම ලොව විවිධ ප්‍රදේශ වල ප්‍රගමනයන් ට ද සවියක් ලබා දෙනු ඇතැයි ඔහු විශ්වාසය පළ කරයි.

ගුවන් විදුලිය
20240415සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම