ඇමරිකාවේ ලාස්වේගාස්හි පාරිභෝගික ඉලෙක්ට්‍රොනික නිෂ්පාදන ප්‍රදර්ශනයේදී "චීනයේ නිෂ්පාදන" එළි දැක්වේ.
2023 ඇමරිකාවේ ලාස්වේගාස් පාරිභෝගික ඉලෙක්ට්‍රොනික නිෂ්පාදන ප්‍රදර්ශනය මේ දිනවල පැවැත්වේ. ප්‍රදර්ශනයට සහභාගි වන ව්‍යාපාර 3100කට වැඩි සංඛ්‍යාවක් අතරින් 400 කට අධික ප්‍රමාණයක් චීන නිෂ්පාදනයන් මෙවර ප්‍රදර්ශනයට ඇතුළත් බව නිල සංඛ්‍යා ලේඛනයකින් පෙන්නුම් කෙරේ. චීනයේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික නිෂ්පාදනවල නවෝත්පාදන තාක්ෂණ නැවත වරක් ජාත්‍යන්තර පාරිභෝගික වෙළඳපොළේ අවධානයට ලක්ව තිබේ.
පුළුල් තිර ප්‍රදර්ශන, සුහුරු ගෘහ නිෂ්පාදන, කෘත්‍රිම බුද්ධිය, පිරිසිදු බලශක්තිය යනාදී ක්ෂේත්‍රවල චීන ව්‍යාපාරයන්හි නව්‍ය තාක්ෂණ සහ නිෂ්පාදන රැසක් එහිදී ප්‍රදර්ශනය කෙරේ. එයින් "චීන නිෂ්පාදනයන්හි" නව්‍ය ශක්තිය පෙන්නුම් කරයි. එය බොහෝ ප්‍රදර්ශකයින් විසින්ද තහවුරු කර ඇත.