චීන රජය පරිත්‍යාග කළ ඩීසල් තොග, වී ගොවීන් සඳහා නොමිලේ බෙදාහැරීමේ කටයුතු අද (09) සිට
2023-01-09 15:15:48
Share with:

චීන රජය විසින් මෙරටට ලබාදුන් ඩීසල් තොග, වී ගොවීන් සඳහා නොමිලේ බෙදාහැරීමේ කටයුතු අද (09) සිට

චීන රජය විසින් මෙරටට නොමිලේ ලබාදුන් ඩීසල් තොග, වී ගොවීන් සඳහා නොමිලේ බෙදාහැරීමේ කටයුතු අද (09) සිට කෙරෙන බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසයි.

ජනාධිපතිවරයාගේ ඉල්ලීමක් මත මෙරට කෘෂිකර්මාන්තය හා ධීවර කර්මාන්තයේ යෙදී සිටින ජනතාව වෙනුවෙන් ඩීසල් ලීටර් මිලියන 10.06ක තොගයක් චීන රජය විසින් පරිත්‍යාග කරන ලදි.

එම ඉන්ධන වී වගා කරන ගොවි ජනතාව වෙත නොමිලේ බෙදාහැරීම් කටයුතු අද (9) සිට ආරම්භ කිරීමට කටයුතු යොදා ඇති බව ගොවි ජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් ඒ.එම්. එච්. එල්. අබේරත්න මහතා පවසයි.

ඉන්ධන තොගය එක් එක් ගොවීන්ට විශේෂ වවුචරයක් මගින් ඔන්ලයින් ක්‍රමයට ලබා දීමට පියවර ගෙන තිබේ.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම