වසංගත පාලනයට අවශ්‍ය වන්නේ විද්‍යාත්මක ආකල්ප හා ක්‍රියාවන් බව යළි යළිත් ඔප්පු වී හමාරයි
2023-01-09 21:15:21
Share with:

         

කොවිඩ් වසංගතය මතු වී වසර 3ක් ගත වී ඇත. ගෙවුණු සියවසකට වැඩි කාලය තුළ මානව ඉතිහාසයේ බරපතල ම මහජන සෞඛ්‍ය අර්බුදය වශයෙන් කොවිඩ් වසංගතය සැලකේ. වෛරසයට දේශසීමා මායිම් නොමැත. වෛරස අප ජීවත් වන මිහිතලයෙන් අතුරුදන් නොවනු ඇත. සමගිය හා සහයෝගිතාව මානවයා වසංගතය ජය ගැනීමේ ප්‍රබලතම අවිය බව මෙම ‍පෙර නොවූ විරූ කොවිඩ් වසංගතය සමග සටන් කිරීමේදී අප උගත් වටිනා පාඩම ය. මෙවන් ව්‍යසනයකදී කිසිදු රටකට එයින් මිදිය නොහැකි වන බැවින් සියලු පාර්ශ්වයන් එක් වී ඊට මුහුණ දිය යුතු යැයි අපට ඉතා පැහැදිලි ය.

          2020 වසරේ කොවිඩ් වසංගතය මුලින් ම චීනයෙන් වාර්තා වූ අවස්ථාවේ ජගත් ප්‍රජාව චීනයට විශාල වශයෙන් සහය ලබා දී තිබිණ. එය චීනයට හා චීන ජනතාවට කිසි දිනෙක අමතක නොවනු ඇත. ඉන් අනතුරුව කොවිඩ් වසංගතය ලොව පුරා පැතිර ගිය පසු චීනය සිය කොවිඩ් මර්දන අත්දැකීම් සෙසු රටවල් සමග බෙදා ගත් අතර රටවල් හා ජාත්‍යන්තර සංවිධාන 120කට පමණ එන්නත් මාත්‍රා බිලියන 2.2කට වැඩි ප්‍රමාණයක් පරිත්‍යාග කළේ ය. එපමණක් නොව චීනය රටවල් 153ක් හා ජාත්‍යන්තර සංවිධාන 15ක් වෙනුවෙන්  වසංගත මර්දන ද්‍රව්‍ය විශාල තොගයක් ලබා දෙමින් රටවල් 34ක් ‍සඳහා සිය වෛද්‍ය සහන කණ්ඩායම් යවා තිබිණ. එන්නත් වසංගතය පාලනයට ඉතා වැදගත් අවියකි. කොවිඩ් මර්දන එන්නත් පර්යේෂණය හා නිෂ්පාදනය වෙනුවෙන් චීනය ‍ගෝලීය වශයෙන් දැවැන්ත මෙහෙවරක් ඉටු කර ඇත. තමන් නිෂ්පාදනය කළ කොවිඩ් මර්දන එන්නත් ගෝලීය මහජන සෞඛ්‍ය නිෂ්පාදිතයක් බවට පත් කරමින් චීනය එම එන්නත් බොහෝ රටවල් වෙත පරිත්‍යාග කළේ ය. මීට අමතර ව, චීනය සංවර්ධනය වෙමින් පවතින රටවල් සමග එක් ව හවුල් එන්නත් නිෂ්පාදනයට ද මුල පිරීය.

          වසංගත පාලනයට අවශ්‍ය වන්නේ දේශපාලනීකරණය නොව විද්‍යාත්මක ආකල්පය හා ක්‍රියාවන් ය. ඉදිරියේදී ගෝලීය මහජන සෞඛ්‍ය ආරක්ෂණ හා කළමනාකරණ පද්ධතිය වඩාත් පූර්ණ කළහොත් මානව ප්‍රජාව වසංගත ජය ගැනීමේ ශක්තිය තවත් වඩවන බවට සැකයක් නැත.

      

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම