ඇමරිකාව නව කෙරොනා ප්‍රභේදයේ දත්ත හැකි ඉක්මනින් බෙදා ගත යුතු බව චීන විදේශ අමාත්‍යංශය පවසයි
2023-01-09 17:21:56
Share with:

කොරොනා වෛරසයේ XBB.1.5 ප්‍රභේදය BQ.1.1 ප්‍රභේදය අභිබවමින් ඇමරිකාවේ  පැතිරයමින් පවතී. ඇමරිකාව චීනය සමඟ අදාළ තොරතුරු සහ දත්ත බෙදාගෙන තිබේ දැයි, වාර්තාකරුවෙකු අද(9) පැවති චීන විදේශ අමාත්‍යංශයේ මාධ්‍ය හමුවකදී විමසා සිටියේය.

මේ පිළිබඳ චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශක Wang Wenbin මහතා පෙන්වා දුන්නේ, ගෝලීය ඉන්ෆ්ලුවෙන්සා දත්ත සමුදාය තුළ COVID-19 විවෘත මූලාශ්‍ර දත්ත අනුව, වසංගතය සිදු වීමෙන් පසු වසර 3ක් තුළ, නව කොරොනා වෛරසයේ සියලුම ප්‍රභේද සහ ඒවායේ අනු ප්‍රභේද, ඇමරිකාවේ පැතිර ඇති බවයි.

XBB.1.5 ඇමරිකාවේ වේගයෙන්ම මතුවෙමින් පවතින ප්‍රභේදය බවට පත්ව ඇති අතර, එය එරට ආසාදිතයන් ගෙන්  40% කට වඩා වැඩි ප්‍රමාණයකට බලපා ඇත.

වසංගතය තවදුරටත් පැතිරීම වැළැක්වීම සඳහා, ඇමරිකාව සිය වසංගත තොරතුරු සහ දත්ත, ලෝක සෞඛ්‍ය සංවිධානය සහ ජාත්‍යන්තර ප්‍රජාව සමඟ කාලෝචිත, විවෘත සහ විනිවිදභාවයෙන් යුතුව බෙදා ගත යුතු බව, Wang Wenbin මහතා සඳහන් කළේ ය.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම