උතුරු දුම්රිය මාර්ගයේ නවීකරණ කටයුතු ඇරඹේ
2023-01-08 17:20:14
Share with:

උතුරු දුම්රිය මාර්ගයේ අනුරාධපුරය හා ඕමන්තේ අතර කොටසේ නවීකරණ කටයුතු අද (08) ඇරඹෙයි. ඒ සඳහා රුපියල් කෝටි 09 ක් වැය කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව කියාසිටී. ඉන්දියානු ණය ආධාර ව්‍යාපෘතියක් මගින් නවීකරණය සදහා මුල්‍ය ප්‍රතිපාදන සැපයෙන අතර,  එරට සමාගමක් විසින් ඉදිකිරීම් සිදුකෙරේ.

නවීකරණ කටයුතු අදියර දෙකක් යටතේ ක්‍රියාවට නැංවේ. ව්‍යාපෘතිය මාස පහක් තුළ නිමකිරීමට අපේක්ෂිතයි.  නවීකරණ ආරම්භ කිරීම නිමිත්තෙන් මැදවච්චිය දුම්රිය ස්ථානයේ දී පැවැත්වෙන උත්සවයට ඇමති බන්දුල ගුණවර්ධන හා ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් බග්ලේ යන මහත්වරු එක්වෙති.

මාර්ගයේ මහව හා ඕමන්තේ අතර කිලෝමීටර 28 ක දුරකින් යුත් කොටස වසර ගණනාවකින් පිළිසකර කර නැත. නවීකරණයෙන් පසු මහව සිට කන්කසන්තුරේ දක්වා පැයට කිලෝමීටර් 100 ක වේගයෙන් දුම්රිය ධාවනය කිරීමට හැකි වන බව දුම්රිය දෙපාර්තමේන්තුව කියයි.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම