රටේ දේශපාලන හා නීතිමය කටයුතු සඳහා චීන ජනපතිගෙන් උපදෙස්
2023-01-08 18:31:02
Share with:

ප්‍රතිසංස්කරණ හා නවෝත්පාදනයේ අඛණ්ඩව නිරත විය යුතු අතර, දේශපාලන හා නීතිමය කටයුතුවල නවීකරණය උදෙසා වෙහෙස මහන්සි වී ක්‍රියා කළ යුතු බව චීන ජනාධිපතිවරයා අවධාරණය කරයි.

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ මහලේකම්, ජනාධිපති, මධ්‍යම කාරක සභාවේ යුද කමිටු සභාපති ෂී ජින් පිං මහතා රටේ දේශපාලන හා නීතිමය කටයුතු සඳහා උපදෙස් දෙමින් පසුගිය දා මේ බව පැවසීය.

ජනතාව කේන්ද්‍ර කරගනිමින් ජාතික දේශපාලන සුරක්ෂිතතාව පූර්ණ වශයෙන් සහතික කර, ජාතික පුනර්ජීවනය උදෙසා දායක විය යුතු බව හෙතෙම අවධාරණය කළේය. දේශපාලන හා නීතිමය කටයුතුවල නවීකරණය තහවුරු කරමින්, විවිධ මට්ටම්වල පක්ෂ කමිටු තුළ ඒ සඳහා වන නායකත්වය ශක්තිමත් කළ යුතු බව ද හෙතෙම කියා සිටියේය.

මේ අතර, "චීන මහජන පොලිස් දිනය" නිමිත්තෙන් චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාව වෙනුවෙන් ෂී ජින් පිං මහතා රට පුරා සිටින මහජන පොලිස් නිලධාරීන්ට සුබ පැතුම් පිරිනැමීය.

ගුවන් විදුලිය
20230328අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම