ඇමරිකාවේ තුවක්කු ප්‍රචණ්ඩත්වය අඛණ්ඩ ව
2023-01-08 17:06:54
Share with:

පසුගිය සතිය තුළ ඇමරිකාවේ 675 දෙනෙක් තුවක්කු ප්‍රචණ්ඩත්වයෙන් ජීවිතක්ෂයට පත්වෙති. Texas ප්‍රාන්තයේ උතුරු Dallas නගරයේ නේවාසික ගොඩනැගිල්ලක් ආශ්‍රිත ව පසුගිය 6වැනි දා අලුයම වෙඩි තැබීමක් සිදුවූ බව එරට පොලීසිය පවසයි. ඉන් තිදෙනෙකු මිය ගිය අතර, දෙදෙනෙක් තුවාල ලැබූහ.

ඇමරිකාවේ වෙඩි තැබීම් නිරන්තරයෙන් ම සිදුවීම කැපීපෙනෙන කරුණකි. එරට තුවක්කු ප්‍රචණ්ඩත්වය පිළිබඳ වෙබ් අඩවියක නවතම දත්ත අනුව, ජනවාරි පළමුවැනිදා සිට 6වැනිදා දක්වා, එනම් සතියකට අඩු කාලයක් තුළ පවා එරට වෙඩි තැබීම්වලින් මිය ගිය සංඛ්‍යාව 675ක් තරම් ඉහළ අගයක් ගැනීම ‍කණගාටුදායක තත්ත්වයකි.

ගුවන් විදුලිය
20240423අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම