චීනය ප්‍රදානය කළ ඩීසල් හෙට (09) සිට ගොවි ජනතාවට
2023-01-08 17:16:35
Share with:

චීන රජය විසින් මෙරට කෘෂිකර්මාන්තය සඳහා ලබාදුන් ඩීසල් ලීටර මිලියන 6.98 ක් ගොවි ජනතාවට නොමිලේ බෙදාදීම හෙට (09) සිට ආරම්භ කෙරේ.

චීන රජය, ඩීසල් ලීටර මිලියන 10.06 ක් මෙරට කෘෂි හා ධීවර කර්මාන්තයන්හි යෙදී සිටින ජනතාව වෙනුවෙන් ප්‍රදානය කර ඇත. ඒ අනුව කෘෂිකර්මාන්තය සඳහා ඩීසල් බෙදාදීම මෙසේ ඇරඹේ.

මෙම ඩීසල් ගොවීන්ට විශේෂ වවුචරයක් මගින් ලබාදීමට සැලසුම් කර ඇත. අක්කර භාගයේ සිට හෙක්ටයාර 02 දක්වා වගාබිම්වල  වී වගා කර ඇති ගොවීන්ට අස්වනු නෙළීම සඳහා ඉන්ධන නොමිලේ ලබාදීමට මෙහිදී පියවර ගැනේ.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම