චීනයේ වසංගත පාලන ප්‍රතිපත්තිවල ප්‍රශස්තභාවය ජගත් රාජ්‍යතාන්ත්‍රිකයන්ගේ ඇගැයුමට ලක් වේ
2023-01-08 15:41:45
Share with:

චීනය වසංගත වැළැක්වීම් හා පාලන ප්‍රතිපත්ති ප්‍රශස්ත කිරීම ඉතා කාලෝචිත මෙන්ම අත්‍යවශ්‍ය පියවරක් බව චීනයේ විදේශ රටවල තානාපතිවරු හා රාජ්‍යතාන්ත්‍රික නිලධාරිහු පවසති.

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුව පසුගිය 6වැනිදා පැවැත්වූ චීනයේ වසංගත වැළැක්වීම හා පාලනය පිළිබඳ විශේෂ මාධ්‍ය හමුවකට චීනයේ රටවල් රැසක තානාපතිවරු සහ රාජ්‍යතාන්ත්‍රික නිලධාරිහු සහභාගි වූහ. වසංගත අභියෝගයට මුහුණ දීම සඳහා ජාත්‍යන්තර ප්‍රජාවට චීනය දක්වන ක්‍රියාකාරී සහයෝගය සහ සහාය ඔවුන්ගේ පැසසුමට ලක්විය.  චීනයේ වසංගත වැළැක්වීම්, පාලන පියවර සහ සංක්‍රමණ ප්‍රතිපත්ති ප්‍රශස්ත කිරීම ඉතා කාලෝචිත වන අතර,එය ලෝක ආර්ථිකයේ ප්‍රකෘතිය සහ වර්ධනය සඳහා උත්තේජනයක් සපයනු ඇති බව ඔවුන්ගේ  විශ්වාසයයි.

වෛරස් ප්‍රභේදවල වෙනස්කම් සහ චීනයේ පවතින සැබෑ තත්ත්වය සැලකිල්ලට ගනිමින් විද්‍යාත්මක අධ්‍යයන හා විනිශ්චයන් මත පදනම්ව ප්‍රතිපත්ති සකස් කිරීම ඉතා අවශ්‍ය බව චීනයේ එල් සැල්වදෝර තානාපතිවරයා පැවසීය.

රටවල් රැසක වැදගත් වෙළඳ හවුල්කරුවා වන චීනය, වසංගත  පාලන පියවර සහ සංක්‍රමණ ප්‍රතිපත්ති ප්‍රශස්ත කිරීම ලෝක ආර්ථික හා වෙළඳ වර්ධනයට විශාල ප්‍රතිලාභ ලබාදෙනු ඇතැයි චීනයේ මලාවි තානාපති කාර්යාලයේ උපදේශකවරයා පැවසීය.

සංවර්ධනය වෙමින් පවතින රටවලට එන්නත් ඇතුළු සහනාධාර තොග සපයා ඇති චීනය, ගෝලීය වශයෙන් වසංගතය මැඩපැවැත්වීමට ප්‍රායෝගික සහායක් දක්වා ඇති බව චීනයේ ඇල්ජීරියාවේ තානාපතිවරයා සඳහන් කළේය.

ගුවන් විදුලිය
20230320සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම