තමරටේ ගංවතුර පාලනයට චීනය ලබාදුන් පුළුල් සහනාධාර සම්බන්ධයෙන් පාකිස්ථානයේ කෘතඥතාව පළ වේ
2023-01-08 16:33:42
Share with:

පාකිස්ථානයේ ගංවතුර පාලනය වෙනුවෙන් චීනය ලබාදුන් පුළුල්  සහනාධාර සම්බන්ධයෙන් එරට අග්‍රාමාත්‍යවරයා ස්තුතිය පළකරයි.

පාකිස්ථාන අග්‍රාමාත්‍ය Muhammad Shahbaz Sharif මහතා මේ බව පැවසුවේ, චීන බලශක්ති ඉංජිනේරු සමූහය විසින් ගංවතුර පාලනය හා ආපදා සහන වෙනුවෙන් පාකිස්ථාන අග්‍රාමාත්‍ය අරමුදල වෙත පරිත්‍යාග ලබාදීමේ උත්සවයට එක්වෙමිනි. එය ඉකුත් 6 වනදා අග්‍රාමාත්‍ය මන්දිරයේදී පැවැත්විණ.

චීන රජය හා සමාගම් විපතට පත්වූවන්ට ලබාදුන් දැවැන්ත සහන පිළිබඳව අගමැතිවරයා කෘතඥතාව පළකළේය. චීන - පාකිස්ථාන ආර්ථික කොරිඩෝව මගින් තම රටේ ජනතාවට සුබසෙත සැලසුණු බව ද අගමැතිවරයා කියාසිටී. පාකිස්ථානයේ බලශක්ති හා යටිතල පහසුකම් ඇතුළු විවිධ ක්ෂේත්‍රවල වර්ධනයට චීන සමාගම් සුවිශේෂ දායකත්වයක් සපයා තිබේ. විශේෂයෙන්ම සූර්ය බලශක්ති ක්ෂේත්‍රයේ ආයෝජන හා ගොඩනැගීම් සඳහා චීන සමාගම් සක්‍රිය ලෙස සහභාගි වන බව ද  Muhammad Shahbaz Sharif මහතා පැවසීය.

ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම