චීනයේ වසංගත පාලනය පිළිබඳ විශේෂාංග චිත්‍රපටයක්
2023-01-08 17:46:58
Share with:

“Break through the siege”නමැති විශේෂාංග චිත්‍රපටයක් ලොව පුරා එළි දැක්වේ. එය චීන මාධ්‍ය සමූහයට අයත් චීන ගෝලීය රූපවාහිනී ජාලය හෙවත් CGTN හි  නිපැයුමකි. 

චීනයේ වසංගත වැළැක්වීම් හා පාලන පියවර අළලා  එම විශේෂාංග චිත්‍රපටය නිර්මාණය කර තිබේ. විවිධ ක්ෂේත්‍රවල විශේෂඥයන් සහ ප්‍රධාන සම්බන්ධීකාරකයන්ගේ අදහස්, විවරණ, දත්ත සහ ප්‍රස්තාර ඇසුරෙන් චීනයේ විද්‍යාත්මක හා ක්‍රමානුකූල වසංගත පාලන ප්‍රතිපත්ති පිළිබඳව ගෝලීය ප්‍රේක්ෂකයන්ට කෙරෙන පුළුල් විග්‍රහයක් මෙහි අන්තර්ගත වේ. එසේම මෙය ගෙවී ගිය වසර තුනේ චීනය ක්‍රියාවට නැංවූ වසංගත මැඩපැවැත්වීමේ ක්‍රියාදාමය ජාත්‍යන්තර දෘෂ්ටිකෝණයකින් සමාලෝචනය කිරීමකි. චීනයේ වසංගත වැළැක්වීම් හා පාලන ප්‍රතිපත්ති සකස් කිරීමේ අවස්ථා සහ වෛද්‍ය සේවා සහතික කිරීම පිළිබඳ බටහිර රටවල අපකීර්තිමත් අදහස් දැක්වීම්වලට එමගින් නිසි ප්‍රතිචාර පළකර තිබේ.

චීනය අද(8) සිට නව කොරොනා වෛරස් ආසාදනය ‘B වර්ගයේ බෝවන රෝග පිළිබඳ A මට්ටමේ’ සිට ‘ B මට්ටම’ දක්වා අවම කිරීමේ ප්‍රතිපත්තිය නිල වශයෙන් ක්‍රියාත්මක කරයි. ඒ අනුව, කොරොනා ආසාදිතයන් නිරෝධායනය කිරීම තවදුරටත් අවශ්‍ය නොවේ. ආසාදිතයන්ගේ සමීපතමයන් පරීක්ෂා නොකෙරෙන අතර, ඉහළ හා අඩු අවදානම් ප්‍රදේශ නම්කිරීම ද අත්හිටුවා ඇත. එසේම චීනයට ඇතුළු වීමට තවදුරටත් නිරෝධායනය අවශ්‍ය නොවන අතර, ගමනට පෙර පැය 48ක සෘණාත්මක PCR ප්‍රතිඵලයක් ඉදිරිපත් කිරීම ප්‍රමාණවත් ය.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම