නොරොච්චෝලේ බලාගාරය යථා තත්ත්වයට
2023-01-08 17:24:02
Share with:

 

නොරොච්චෝලේ ගල්අඟුරු බලාගාරයේ අක්‍රිය කර තිබූ ජනන යන්ත්‍රය මගින් විදුලි උත්පාදනය අද (08) සිට යළි ඇරඹේ.

ගල්අඟුරු තොග ප්‍රමාණවත් නොවීම සහ අලුත්වැඩියා කටයුතු හේතුවෙන් නොරොච්චෝලේ බලාගාරයේ  ජනන යන්ත්‍රයක් පසුගිය දෙසැම්බර් 23 වනදා අක්‍රිය කිරීමට විදුලිබල මණ්ඩලය පියවර ගෙන තිබිණ. මේ වනවිට ප්‍රමාණවත් පරිදි ගල්අඟුරු තොග ලැබෙමින් පවතින බැවින් එම ජනන යන්ත්‍රය ක්‍රියාත්මක කිරීමට හැකියාව ලැබී ඇතැයි විදුලිබල මණ්ඩල බලධාරීහු පවසති.

මේ වන විට ගල්අඟුරු මෙට්‍රික්ටොන් 60,000 බැගින් වූ නෞකා දෙකක් දිවයිනට පැමිණ ඇති අතර, එක් නෞකාවක ගල්අඟුරු තොග ගොඩබෑම අරඹා ඇත.

ගුවන් විදුලිය
20240417බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම