චීනයේ වසංගත පාලන පියවර ජාත්‍යන්තර මාධ්‍යයන් හි පැසසුමට
2023-01-08 18:22:05
Share with:

ගතවූ වසර 3 තුළ, චීනය නව කොරොනා වසංගත පාලන ක්‍රමවේදයන් විමසා බැලීමේ දී ඒවා විද්‍යානුකූල පදනමකින් සකස් කර තිබීම කැපීපෙනෙන කරුණක්. චීනය අනුගමනය කරන වසංගත පාලන ක්‍රම නිවැරදි මෙන්ම ඵලදායී බව ‍රටවල් රැසක මාධ්‍ය පවසා තිබෙනවා. පසුගිය දා සංශෝධනය කෙරුණු වසංගත පාලන පියවර චීන ආර්ථිකය තවදුරටත් උත්තේජනය කරනු ඇති බව එම වාර්තා තුළින් පෙන්වා දී තිබීමත් සුවිශේෂයි.

දකුණු කොරියාවේ JoongAng Ilbo පුවත්පත වාර්තා කරන්නේ, උදාවූ 2023 නව වසරේ නිවාඩු කාලයේ, චීනයේ සමස්ත චිත්‍රපට box office වාර්තා චීන යුවාන් කෝටි 55 ඉක්මවා ඇති බවයි. විශේෂයෙන් ම ඉකුත් පළමුවැනි දා රට පුරා සිනමා ශාලාවලින් 85% ක් විවෘත කර ඇතැයි ද එම පුවත්පතේ සඳහන්.

වියට්නාමයේ Zing වෙබ් අඩවියේ වාර්තාවකට අනුව, එරට ගුවන් පරිපාලනය සඳහන් කරන්නේ, චීනය ගුවන් මාර්ගවලට පනවා ඇති සීමා අහෝසි කරනු ඇති බවයි. චීන සිවිල් ගුවන් පරිපාලනය දෙස්-විදෙස් ගුවන් සමාගම්වල මගී ප්‍රවාහන මෙහෙයුම් හැකි ඉක්මණින් යළි ක්‍රියාත්මක කිරීම දිරිගන්වමින් සිටිනවා. අදාළ දැනුම්දීම ලැබුණු විගසම Vietnam Airlines、Vietjet ඇතුළු ගුවන් සමාගම් චීනය වෙත මගී ප්‍රවාහන මෙහෙයුම් යළි අරඹනු ඇති.

මේ අතර, ඇමරිකාවට චීනයට පටහැණි ව ක්‍රියා කළ නොහැකි යැයි ඇමරිකාවේ Washington විශ්වවිද්‍යාලයට අයත් සෞඛ්‍ය දර්ශක හා ඇගයීමේ පර්යේෂණාගාරයේ මහාචාර්ය Ali Mokdad පවසන බව  වියට්නාමයේ VnExpress වෙබ් අඩවිය වාර්තා කරනවා. චීනයේ දැනට පවතින කොවිඩ් වෛරස් ප්‍රභේද ඇමරිකාවේ පැතිර ගොස් ඇත්තේ මීට පෙර යි. වඩා අනතුරුදායක වෛරස් ප්‍රභේද චීනයෙන් මෙතෙක් හඳුනාගෙන නැතැයි ද මහාචාර්යවරයා පවසා තිබෙනවා.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම