වසංගත පාලනයේ අසාර්ථකත්වය අත්විඳින ඇමරිකාව සෙසු රටවලට ඇඟිලි දිගු කළ යුතු ද?
2023-01-08 15:17:42
Share with:

ගතවූ වසර 3 තුළ, නව කොරොනා වසංගතයේ ප්‍රබල රැලි 5කින් ඇමරිකාව දුක් විඳ ඇති බව එරට රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථානයේ දත්තයන් හි දැක්වෙයි. ඇමරිකානු රජය නොසැලකිලිමත්ව ක්‍රියා කළ නිසා නව කොරොනා වසංගතය හටගත් දා සිට මේ දක්වා මතුවී ඇති සියලු වෛරස් ප්‍රභේද පාහේ එරට පැතිර ගියේය. ‍මේ වනවිට, එරට ආසාදිතයන් කෝටි 10 ක් තහවුරු කර ඇත. දස ලක්ෂ  අසූදහසකට අධික පිරිසක් වසංගතය හේතුවෙන් මිය ගියහ. දෙමාපියන් අහිමිවීම නිසා දෙලක්ෂ පණස්දහසකට අධික දරුවන් පිරිසක් අනාථභාවයට පත්ව සිටිති. මෙය ලොව කැපී පෙනෙන අගයකි. එමෙන් ම, වසංගත පාලන අසාර්ථකත්වය, එරට වෛද්‍ය සේවා අඩාල වීම කෙරෙහි ද ඍජුව බලපා ඇත. වෛද්‍ය මණ්ඩල සාමාජිකයන් විශාල පිරිසක් ඉල්ලා අස්වීම නිසා, ජනතාවට වෛද්‍යවරුන් හමුවීම දැඩි අසීරුතාවක් බවට පත්ව තිබේ.

ඇමරිකාවේ පවතින මෙවන් අර්බුද කෙරෙහි බලපා ඇත්තේ, එරට රජය සෑමවිටකම පවතින ගැටළු නොතකා, වසංගතය අඛණ්ඩවම දේශපාලනීකරණය කරමින් එය අවියක් ලෙස යොදා ගනිමින් සිටින බව විශ්ලේෂකයෝ පෙන්වාදෙති.  

මෙම තත්ත්වයන්ට සාපේක්ෂව, ගතවූ වසර 3 තුළ, වසංගත පාලනය දැඩිව ක්‍රියාවට නංවා ඇති චීනය ලොව පැතිර ගිය කොවිඩ් රැලි 5කට නිසියාකාරයෙන් මුහුණ දී තිබේ. බරපතල රෝග ලක්ෂණ සහිත ආසාදනයන් හා මරණ එමගින් අඩුවීම කැපී පෙනේ. සෙසු රටවලට මෙන්ම චීනයේ ද වසංගත පාලන ක්‍රමවේද යළි සකස් කිරීමේ දී ප්‍රශ්න මතුවිය හැකිය. විශාල ජනගහණයක් සහිත චීනයේ ඉහළ වියපත් පිරිසක් වෙසෙති. කෙටි කාලයක් තුළ, ආසාදිතයන්ගේ සංඛ්‍යාව වැඩිවීම, වෛද්‍යවරුන් හමුවීමේ ඉල්ලුම් ඉහළ යාම ඇතුළු ගැටළු ඊට අයත් ය. මෙවන් තත්ත්වයන් හමුවේ, චීන රජය සිය අවශ්‍යතා අනුව ප්‍රශ්න විසඳාගෙන ඇත. ක්‍රීඩාංගණ තාවකාලික ව උණ ප්‍රතිකාර මධ්‍යස්ථාන බවට පත්කිරීම, ඖෂධ ව්‍යවසායයන්හි නිෂ්පාදන ධාරිතාව පුළුල් කිරීමට මාර්ගෝපදේශ ලබාදීම, ආසාදිතයන්ගේ ප්‍රතිකාර ගාස්තුවලට සහන සැලසීම ඊට ඇතුළත් වෙයි.

බ්‍රිතාන්‍යයේ වාර්තා චිත්‍රපට නිෂ්පාදක Malcolm Clarke, ගතවූ වසර තුනේ චීනයේ වාසය කළේ ය. චීනය මහජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව සුරැකීමේ තත්ත්වය එහි ප්‍රතිලාභියෙකු ලෙස තමා අත්විඳි බව ඔහු පවසා තිබේ.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම