බ්‍රිතාන්‍ය වැඩ වර්ජනය අඛණ්ඩව
2023-01-07 17:16:31
Share with:

බ්‍රිතාන්‍යයේ වැඩ වර්ජනය අඛණ්ඩව පවතී.

2023 නව වසර ආරම්භයේදී බ්‍රිතාන්‍යයේ දුම්රිය, සාගර හා මාර්ග ප්‍රවාහන කම්කරු සංගම් නව වැඩ වර්ජනයක් ආරම්භ කළේය.

ඊයේ(6) වන විටත් වැඩවර්ජන ක්‍රියාකාරකම් දිගටම පැවතිණ. එයින් ප්‍රදේශ රැසක ගමනාගමනයට බාධා එල්ල වී තිබේ.

බ්‍රිතාන්‍යයේ වාර්තාගත ඉහළ උද්ධමනයෙන් ජීවන වියදම් අර්බුදය උග්‍රවීම මෙවර වැඩ වර්ජනයට හේතු වී ඇත.

අදාළ ගැටළු විසඳීම සඳහා ලබන සතියේ කම්කරු පාර්ශ්වය සමඟ සංවර්ධනාත්මක සංවාද පැවැත්වීමට බලාපොරොත්තු වන බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය Rishi Sunak මහතා ඊයේ(6) පැවසීය.

ගුවන් විදුලිය
20240329සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම