චීන සංචාරකයන්ට පනවා ඇති සීමාකිරීම් පිළිබඳ ඇමරිකාවේ බෝවන රෝග සංගමයේ විරෝධය
2023-01-07 16:53:17
Share with:

ඇමරිකාවේ බෝවන රෝග සංගමය (IDSA) ඊයේ(6) නිවේදනයක් නිකුත් කරමින්, චීන සංචාරකයන් තම රටට ඇතුළුවීම සම්බන්ධයෙන් ඇමරිකාව පනවා ඇති සීමාකිරීම්වලට සිය විරෝධය පළ කළේය. චීනයට සංචාරක සීමා පැනවීම අවශ්‍ය නොවන බව බොහෝ වසංගත රෝග විශේෂඥයන් පෙන්වා දී තිබේ.

යුරෝපයේ ගුවන් තොටුපළ 500කට අධික සංඛ්‍යාවක් නියෝජනය කරන ජාත්‍යන්තර යුරෝපා ගුවන් තොටුපළ කවුන්සිලය ද පසුගියදා චීනයට එරෙහිව පනවා ඇති සීමාවන් හෙළාදැක ඇත.

"වෛරසයේ" මුවාවෙන් චීනයට චෝදනා කරමින් වසංගතය දේශපාලනීකරණය කිරීමේ ඇමරිකානු ප්‍රයත්නය මින් අනාවරණය වෙයි.

චීනයේ බොහෝදෙනෙකුට ආසාදනය වී ඇති වෛරස ප්‍රභේදය, විදේශ රටවලින් චීනයට ඇතුළු වන වෛරස වර්ගයට අයත් වන බව වෛරස විශ්ලේෂණයේ ඉදිරි දර්ශනයේ දක්වා ඇත. එය වෙනත් රටවලින් චීනයට පැමිණෙන ඇතැම් මගීන්ට ආසාදනය වී ඇති වෛරසයේ ජාන අනුපිළිවෙලට අනුකූල වේ. එහි නව ප්‍රභේද හෝ කැපී පෙනෙන විකෘති කිසිවක් මෙතෙක් සොයාගෙන නොමැත. චීනයේ නව ප්‍රභේද ඇතිවීමේ අවදානම "ඉතා අඩු" බව ඇමරිකානු සෞඛ්‍ය ප්‍රමිතික සහ ඇගයීම් ආයතනයේ (IHME) අධ්‍යක්ෂ හා වෛද්‍ය Chris Murray මහතා පවසා තිබේ.

පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ සිට ඇමරිකාව ශ්වසන රෝගකාරක වෛරසය, නව කොරොනා සහ ඉන්ෆ්ලුවෙන්සා යන ත්‍රිත්ව වසංගත පැතිරීමට මුහුණ දී ඇති අතර, එරට සෞඛ්‍ය සේවා පටිපාටිය ද බිඳ වැටී ඇත. ජනතාවගේ ජීවිත හා සෞඛ්‍යය රැකගැනීම වෙනුවෙන් ඇමරිකානු රජය කිසිදු ජාතික මට්ටමේ ක්‍රියාමාර්ගයක් ගෙන නොමැත. තත්ත්වය එසේ තිබිය දීත්  චීනයේ වසංගත වැළැක්වීම් හා පාලන ප්‍රතිපත්ති ප්‍රශස්ත වනු දකින ඇමරිකාව චීනය අපකීර්තියට පත් කිරීමට ක්‍රියා කරයි.

වසංගතය වැළැක්වීම සඳහා අතිශයින් වැදගත් වන්නේ විද්‍යාත්මක ප්‍රවේශයකි. එසේ නොවුවහොත් එහි දරුණු ප්‍රතිවිපාක අත්විඳීමට සිදුවනු ඇත.

ගුවන් විදුලිය
20240423අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම