චීනයේ විදේශ විනිමය සංචිත වර්ධනයක්
2023-01-07 16:32:53
Share with:

ඉකුත් දෙසැම්බර් මස අග වනවිට චීනයේ විදේශ විනිමය සංචිතයන් හි වර්ධනයක් පෙන්නුම් කෙරේ.

චීන ජාතික විදේශ විනිමය පරිපාලනයේ සංඛ්‍යාලේඛනයකට අනුව, ඉකුත් දෙසැම්බර් අග වනවිට, චීනයේ විදේශ විනිමය සංචිතය ඇ.ඩො. ට්‍රිලියන 3.1 ඉක්මවා ඇත. පසුගිය නොවැම්බර් අවසාන කාලය හා සැසඳීමේ දී එම සංචිතය ඇ.ඩො. බිලියන 10.2කින් වර්ධනය වී ඇති අතර, එම ප්‍රමාණය  0.33%ක වර්ධනයකි.

පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ ප්‍රධාන ආර්ථික ඒකකයන් හි මුදල් ප්‍රතිපත්ති, ඒ හා සම්බන්ධ අපේක්ෂා මෙන් ම ගෝලීය සාර්ව දර්ශනීය ආර්ථික දත්ත ඇතුළු සාධක හේතුවෙන් ඇමරිකානු ඩොලර් දර්ශකය පහළට දැමිණ. දැඩි නම්‍යශීලීත්වයකින් යුතු චීන ආර්ථිකයේ විශාල විභවයක් දක්නට ලැබේ. චීන ආර්ථිකයේ දිගුකාලීන තිරසර භාවය විදේශ විනිමය සංචිතය ස්ථාවර වීමට වඩාත් හිතකර වනු ඇත.

ගුවන් විදුලිය
20240422සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම