‘ ඇමරිකානු ප්‍රජාතන්ත්‍රවාදය ’ අඛණ්ඩ ව නරක අතට
2023-01-07 16:59:35
Share with:

‘ ඇමරිකානු ප්‍රජාතන්ත්‍රවාදය ’ අඛණ්ඩ ව නරක අතට හැරීමේ තත්ත්වයක පසුවෙයි.

ඊයේ(06) දිනය ඇමරිකාවේ කොංග්‍රස ගොඩනැගිල්ල  ආසන්නයේ හටගත් කැරැල්ලේ 2 වැනි සංවත්සර දිනයයි. ඒ නිමිත්තෙන් ඊයේ(06)   පෙරවරුවේ එරට මහජන මන්ත්‍රී මණ්ඩලයේ සාමාජිකයෝ Washington අගනුවර පිහිටි කොංග්‍රසය ආශ්‍රිත ව උත්සවයක් පවත්වමින් එම සිද්ධියෙන් තුවාල ලැබූ පොලිස් නිලධාරීන් 140දෙනෙකුට ආචාරය දැක්වූහ. එම උත්සවයට එක්ව සිටියේ එරට ඩිමොක්‍රටික් පාක්ෂිකයන් පිරිසක් පමණකි. එක් රිපබ්ලිකන් පක්ෂ සාමාජිකයෙකු පමණක් එම උත්සවයට එක්ව සිටියේ ය.

ඇමරිකානු ජනාධිපති, ඩිමොක්‍රටික් පාක්ෂික ජෝ බයිඩන් මහතා ඊයේ(06) පස්වරුවේ ධවල මන්දිරයේ අනුස්මරණ උත්සවයකට එක්වමින් දේශපාලනික අන්තවාදය කෙරෙහි අඛණ්ඩ ව සෝදිසියෙන් සිටින්නැයි ඉල්ලා සිටියේ ය. මෙබඳු සිදුවීම් ‘ යළි සිදුවිය හැකි ’බවට අනතුරු ඇඟවූ හෙතෙම, ඇමරිකාව ‘ ඓතිහාසික වෙනස්වීමකට ’ මුහුණ දෙමින් සිටින බව සඳහන් කළේ ය.

එම සිද්ධියට එරෙහිව එරට මහජන මන්ත්‍රී මණ්ඩලය විසින් නිකුත් කෙරුණු වාර්තාවෙන්, ඩිමොක්‍රටික් පක්ෂය තම දේශපාලන ක්‍රියාකාරකම්වල නිරත වෙමින් කොංග්‍රස ගොඩනැගිල්ල අසළ හටගත් කැරැල්ලෙන් පිළිබිඹු වූ ආරක්ෂක කටයුතුවල අසාර්ථකත්වය නොතැකූ බවට චෝදනා නගා තිබිණ. මහජන මන්ත්‍රී මණ්ඩලයේ එකල නායිකා, ඩිමොක්‍රටික් පක්ෂ සාමාජිකා Nancy Pelosi එම සිද්ධිය පිළිබඳ වගකීම භාර ගත යුතු බවට ද එම වාර්තාවේ දැක්වෙයි.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම