ඉන්දීය විදේශ කටයුතු ඇමතිවරයා ශ්‍රී ලංකාවේ නිල සංචාරයක
2023-01-07 17:46:53
Share with:

ඉන්දීය විදේශ කටයුතු ඇමති ආචාර්ය සුබ්‍රමනියම් ජයශංකර් මහතා දෙදින නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත ව තිබේ. ඉදිරි දින කිහිපය තුළ ඔහු මෙරටට පැමිණෙනු ඇතැයි විදේශ කටයුතු අමාත්‍යාංශය කියාසිටී.

රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයට පත්වීමෙන් පසුව ඉන්දීය විදේශ කටයුතු ඇමතිවරයා මෙරටට පැමිණෙන පළමු අවස්ථාව මෙයයි. නව වසරේ ඉන්දියාවෙන් මෙරටට පැමිණෙන ඉහළ පෙළේ නියෝජිතයා ද ඔහුයි. විවිධ අර්බුදවලට මුහුණ දුන් ශ්‍රී ලංකාවට පසුගිය කාලයේ ඉන්දියාව විශාල වශයෙන් ආධාර සැපයීය. ආහාර, ඖෂධ හා ඉන්ධන ආනයනය සඳහා ණය ආධාර සැපයීම ඒ අතර ප්‍රධාන වෙයි.  අර්බුදය සමනය කරගැනීමට ඉන්දියාව ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් කෝටි 400 ක පමණ මුල්‍ය පහසුකම් ද සපයා තිබේ.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම