බොහෝ විදේශීය සමාගම් තම කණ්ඩායම් සඳහා චීන සංචාරයන්ට අදාළ කාලසටහන් සකසයි
2023-01-07 15:17:50
Share with:

බොහෝ විදේශීය සමාගම් තම උසස් පෙළේ කණ්ඩායම් සඳහා චීන සංචාරයන්ට අදාළ කාලසටහන් සැකසීම අරඹා ඇතැයි චීනය පවසයි.

චීන වාණිජ අමාත්‍යාංශ ප්‍රකාශිකා Shu Jueting මහත්මිය ඊයේ(6) පැවති මාධ්‍ය හමුවකදී මේ බව පැවසුවාය. බොහෝ විදේශීය සමාගම් තම ව්‍යාපෘති යළි ආරම්භ කරමින් චීනයේ නව ආයෝජන අවස්ථා සොයයි. චීනයේ වසංගත පාලන ප්‍රතිපත්ති වෙනස් කිරීම, චීනය තුළ පවතින විදේශ වාණිජ මණ්ඩලවල මෙන්ම විදේශීය සමාගම්වල පොදු පිළිගැනීමට ලක්ව ඇත.

විදේශීය වෙළඳ කළමනාකරුවන් ලියාපදිංචි කිරීමේ ක්‍රමය චීනය පසුගිය දා ඉවත් කර තිබේ. ඉන් තවදුරටත් වාණිජ පරිසරය යහපත් වන අතරම, විදේශ වෙළඳාම දිරිගැන්වීම, අධිගුණාත්මක භාවයෙන් යුතු වෙළඳ සංවර්ධනය හා ඉහළ මට්ටමේ විවෘත භාවය ප්‍රවර්ධනය කළ හැකි බව ද Shu Jueting මහත්මිය අවධාරණය කළාය.

ගුවන් විදුලිය
20240422සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම