පිලිපීන-චීන සබඳතාවයේ තිරසර දියුණුවට කැපවන ජනපති මාකෝස්
2023-01-07 19:43:51
Share with:

2023 නව වසර ආරම්භයේදී චීනය සිය රටට පළමු වතාවට සංචාරය සඳහා පැමිණි විදේශීය රාජ්‍ය නායකයා පිළිගත්තා. චීනය සමඟ ඔහුගේ සබඳතාව වසර 49 කට පෙර ආරම්භ වූවක්. එකල 16 හැවිරිදි ඔහු තම මව වන, එවක පිලිපීනයේ ජනාධිපති ආර්යාව වූ ඉමෙල්ඩා මාකෝස් මහත්මිය සමඟ චීනයට පැමිණියා. එසේම, චීන-පිලිපීන රාජ්‍යතන්ත්‍රික සබඳතාව ආරම්භ කිරීම් කටයුතුවලට ද සහභාගි වුණා. අඩ සියවසකට පසු ඔහු නැවතත් බෙයිජිං නුවරට පැමිණෙන විට, ඔහු පිලිපීනයේ ජනාධිපතිවරයා බවට පත් ව සිටීම විශේෂත්වයක්. ඔහු, ෆර්ඩිනන්ඩ් මාකෝස් මහතායි.

1974 සිට මේ දක්වා චීනයේ සංවර්ධනය සහ  දැවැන්ත ප්‍රගතිය දැක බලාගැනීමට අවස්ථාව ලැබීම තමාට අතිශය වැදගත් අත්දැකීමක් බව ඔහු පසුගියදා චීන මාධ්‍ය සමූහය සමඟ පැවැත්වූ විශේෂ සම්මුඛ සාකච්ඡාවකදී පැවසුවා.

චීන කොමියුනිස්ට් පක්ෂය සහ චීන රාජ්‍ය නායකයන් චීනය වෙනස් කර ඇතැයි පිලිපීන ජනාධිපතිවරයා කියාසිටියා. 1974 වසරේ චීනය කෘෂිකර්මික රටක්. වත්මන් චීනය ආර්ථික අතින් ඉතා බලවත් රටක්. චීනය දැවැන්ත ප්‍රතිඵල අත්කරගෙන තිබෙනවා. තම රට චීනය සමඟ විවිධ කරුණු සම්බන්ධයෙන් දිගින් දිගටම සාකච්ඡා පවත්වන බවත් ෆර්ඩිනන්ඩ් මාකෝස් මහතා එහිදී පැවසුවා. පිලිපීන-චීන සබඳතාව දැවැන්ත වර්ධනයක් අත්කරගෙන ඇති බවත්, ද්විපාර්ශ්වික සබඳතා වර්ධනය වේගවත් වනු ඇති බව බවත් ඔහු පෙන්වාදෙනවා. දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා ඉදිරියේදී තවත් ශක්තිමත් වී පුළුල් වනු ඇතැයි ඔහු විශ්වාසය පළ කළා.

පිලිපීන-චීන සබඳතාව ඇතුළු වෙනත් රටවල් අතර ද්විපාර්ශ්වික හවුල්කාරිත්වයන් පශ්චාත් වසංගත කාලයේ ගෝලීය ස්ථාවරත්වයට දායක වනු ඇති බව ද ෆර්ඩිනන්ඩ් මාකෝස් මහතා එම සම්මුඛ සාකච්ඡාවේදී සඳහන් කළා. ස්ථීර පදනමක් සහිත පිලිපීන-චීන සබඳතාව තවදුරටත් ඉදිරියට ගෙනයාමට උත්සාහයෙන් කටයුතු කිරීමට තමා සූදානම් බව ද ඔහු පවසනවා.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම