චීන-තුර්ක්මෙනිස්ථාන සබඳතාව පූර්ණ උපායමාර්ගික හවුල්කාරීත්වය දක්වා ඉහළ නැංවේ
2023-01-06 13:40:31
Share with:

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා චීනයේ නිල සංචාරයක නිරත තුර්ක්මෙනිස්ථාන ජනාධිපති Serdar Berdimuhamedov මහතා හමුවෙයි. හමුව බෙයිජිං අගනුවර පිහිටි මහජන මහා ශාලාවේ දී අද(06) පෙරවරුවේ පැවැත්විණ. දෙරට සබඳතාව පූර්ණ උපායමාර්ගික හවුල්කාරීත්වය දක්වා ඉහළ නැංවීම නායක දෙ‍පළ එහිදී ප්‍රකාශයට පත්කළහ.

ෂී ජින් පිං මහතා එහිදී අවධාරණය කළේ, එකිනෙකාගේ කේන්ද්‍රීය ප්‍රශ්නවලට දෙපාර්ශ්වය අන්‍යොන්‍ය ලෙස සහාය දැක්විය යුතු බවයි. තම රටේ තත්ත්වයන්ට සරිලන සංවර්ධන මාර්ග අනුගමනය කිරීම එකිනෙකා අගය කළ යුතු ය. බලශක්ති, ආර්ථික හා වෙළඳ, ‍වෛද්‍ය සේවා, ආ‍වේණික වෛද්‍ය විද්‍යා ඇතුළු විවිධ ක්ෂේත්‍රවල අදහස් හුවමාරු තහවුරු කළ යුතු බව ද ෂී ජින් පිං මහතා පවසයි.

එමෙන් ම, තුර්ක්මෙනිස්ථානය Shanghai සහයෝගිතා සංවිධානයට එක්කර ගනිමින් සංවර්ධනාත්මක සබඳතා පැවැත්වීමට චීනය සහාය වන බව ද හෙතෙම අවධාරණය කළේය. තුර්ක්මෙනිස්ථානය සමග එක්ව, සැබෑ බහුපාර්ශ්වවාදය අනුගමනය කරමින් මානව ඉරණම සහිත පොදු ප්‍රජාව ගොඩනැංවීමට තහවුරු කිරීමට චීනය කැමති බව ද ෂී ජින් පිං මහතා එහිදී පවසා ඇත.

Serdar Berdimuhamedov මහතා මෙහිදී කියාසිටියේ, චීනයේ සාර්ථකත්වය අධ්‍යයනය කිරීමට තම රට සූදානම් බවයි. දෙරටේ සහයෝගිතා පූර්ණ වශයෙන් තහවුරු කිරීමෙන් පොදු සංවර්ධනය සාක්ෂාත් කිරීමට ද අපේක්ෂිතයි. චීනයේ ස්වෛරීභාවය හා භෞමික අඛණ්ඩතාව ආරක්ෂා කිරීමට ප්‍රබල සහායක් ලබාදෙන තුර්ක්මෙනිස්ථානය, චීනය වෙන් කිරීමේ සියලු ප්‍රයත්නයන්ට දැඩිව විරුද්ධ වෙයි. චීනය සමග එක්ව, පොදු ඉරණමක් සහිත තුර්ක්මෙනිස්ථාන-චීන ප්‍රජාවක් ගොඩනැංවීමට කැමති බව ද Serdar Berdimuhamedov ජනාධිපතිවරයා කියාසිටී.

හමුවෙන් පසු රාජ්‍යනායක දෙපළ ‘චීන මහජන සමූහාණ්ඩුව හා තුර්ක්මෙනිස්ථානය අතර ඒකාබද්ධ නිවේදනය’ අත්සන් තැබූහ. මීට අමතරව, ‘එක් තීරයක් එක් මාවතක්’ වැඩපිළිවෙළ, හරිත සංවර්ධනය, ඩිජිටල් ආර්ථිකය, සෞඛ්‍ය සේවා, සංස්කෘතික, මාධ්‍ය හා ස්වාභාවික ගෑස් ඇතුළු විවිධ ක්ෂේත්‍රවල සහයෝගිතා ලියවිලි ඔවුන් හමුවේ අත්සන් තැබිණ.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම