මේ වසරේ නව බස්රථ 500 ක් පොදු ප්‍රවාහනයට
2023-01-06 14:25:19
Share with:

මේ වසර තුළ අලුතින් බස් රථ 500 ක් පොදු ප්‍රවාහනයට එක් කරන බව ඇමති බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ මෙරටට ලැබුණු නව බස්රථ 75 ක් දිවයින පුරා ඩිපෝ වෙත බෙදාදීම නිමිත්තෙන්, බත්තරමුල්ලේ ඊයේ (06) පැවති උත්සවයකට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය. ශ්‍රී ලංකාවේ 75 වන ජාතික නිදහස් දිනය නිමිත්තෙන් මෙරටට ලැබෙන තවත් බස් රථ තොගයක් ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ඉදිරියේ දී බෙදාදීමට නියමිතයි. උතුරු නැගෙනහිර පළාත් ඇතුළු දිවයිනේ සෑම ප්‍රදේශයකම ඩිපෝ වෙත ඒවා බෙදාදීමට අපේක්ෂා කෙරේ.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම