ගල්අඟුරු නැව් 7 ක් දිවයිනට
2023-01-06 15:30:26
Share with:

ගල්අඟුරු රැගත් නැව් 7 ක් දිවයිනට ළඟාවෙමින්  පවතින බව ගල්අඟුරු  සමාගමේ සභාපති ෂෙහාන් සුමනසේකර මහතා කියයි. පළමු නැව අද (06) මෙරටට පැමිණීමට නියමිතය.

මීට අමතරව තවත් නැව් 6 ක් ජනවාරි මාසය තුළ පැමිණෙන බව සභාපතිවරයා කියාසිටී. එම ගල්අඟුරු  පුත්තලම වරායේ ගොඩබෑමට නියමිතව ඇති අතර අනතුරුව ඒවා නොරොච්චෝලේ විදුලි බලාගාරය වෙත ප්‍රවාහනය කෙරේ. නොරොච්චෝලේ විදුලි බලාගාරයට අවශ්‍ය ගල්අඟුරු හිඟයකින් තොරව සැපයිය හැකි බවත්,  ඒ අනුව එම බලාගාරයෙන් අඛණ්ඩ විදුලි සැපයීමකට කිසිදු බාධාවක් නොමැති බවත් සභාපතිවරයා පැවසීය.

මේ අතර, එළඹෙන අලුත් අවුරුදු සමය දක්වා අඛණ්ඩ ගැස් සැපයුමකට සූදානම් බව ලිට්‍රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා කියාසිටී. ජනතාවට හිඟයකින් තොරව ගෑස් සැපයීමට ක්‍රියාකරන බව ඔහු පවසා ඇත.

ගුවන් විදුලිය
20240726සකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම