චීන හා පකිස්ථාන අග්‍රාමාත්‍යවරු දුරකථන සංවාදයක
2023-01-06 10:35:23
Share with:

චීන අග්‍රාමාත්‍ය ලී ක ච්‍යං මහතා සහ පකිස්ථාන අග්‍රාමාත්‍ය Muhammad Shahbaz Sharif මහතා දුරකථන සංවාදයක නිරත වෙති.  

ඊයේ (5) පෙරවරුවේ දී සිදු වූ එම සංවාදයේදී, දෙරටේ අග්‍රාමාත්‍යවරුන් නව වසර වෙනුවෙන් සුභ පැතුම් හුවමාරු කළහ. චීනය අසල්වැසි රාජ්‍යතාන්ත්‍රික කටයුතුවල දී, චීන-පකිස්ථාන සබඳතාවයට සෑමවිටම ප්‍රමුඛත්වයක් ලබා දෙන බව ලී ක ච්‍යං මහතා පැවසීය. වත්මන් ලෝකයේ සංකීර්ණ ආර්ථික තත්ත්වය මධ්‍යයේ, පකිස්ථාන ආර්ථික සංවර්ධනයට සහ ජනතාවගේ ජීවනෝපාය සංවර්ධනයට චීනය අඛණ්ඩව සහය ලබා දෙනු ඇත. එමෙන්ම සහයෝගීතාවයෙන් එක්වී කලාපීය සාමය, ස්ථාවරත්වය සහ සංවර්ධනය සුරක්ෂිත කිරීමට චීනය කැමැත්තෙන් සිටී. අඛණ්ඩව පකිස්ථානයේ සිටින චීන ජාතිකයින් හා චීන ආයතනවල ආරක්ෂාව උපරිම ලෙස සහතික කරනු ඇතැයි බලාපොරොත්තුව වන බව ද ලී ක ච්‍යං මහතා ප්‍රකාශ කළේය. 

රටේ ගංවතුර ආපදා තත්ත්වය හමුවේ චීනය ලබා දුන් විශාල සහය පිළිබඳව  Muhammad Shahbaz Sharif මහතා මෙහි දී ස්තුතිය ප්‍රකාශ කළේය. පකිස්ථානය ස්ථීර ලෙස එකම චීනය මූලධර්මය අනුගමනය කරමින්, චීනයේ මූලික අවශ්‍යතා සම්බන්ධ සියලු කටයුතුවල දී  චීනයට අඛණ්ඩව සහයෝගය දක්වයි. විවිධ ක්ෂේත්‍රවල සහයෝගීතාව ශක්තිමත් කර දෙරට සබඳතාව වඩා උසස් මට්ටමකට ගෙන ඒමට කැමැත්තෙන් සිටින බව ද Muhammad Shahbaz Sharif මහතා මෙහි දී පෙන්වා දුන්නේය. 

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම