ඇමරිකාවේ ආර්ථිකය අවපාතයක් බවට පත් වනු ඇතැයි මත විමසුමකට එක්වූ එරට නිෂ්පාදකයින්ගෙන් බහුතරයක් පවසති
2023-01-06 11:33:12
Share with:

2023 වන විට ඇමරිකාවේ ආර්ථිකය අවපාතයක් බවට පත් වනු ඇතැයි එරට නිෂ්පාදකයින්ගෙන් සියයට 60 කට වඩා වැඩි පිරිසක්  අදහස් කරන බව මත විමසුමකින් හෙළිවෙයි .

හිටපු ෆෙඩරල් සංචිත සභාපති ඇලන් ග්‍රීන්ස්පන් මෑතකදී පැවසුවේ උද්ධමනය මැඩපැවැත්වීම සඳහා ඇමරිකා ෆෙඩරල් සංචිතයේ අඛණ්ඩ ආක්‍රමණශීලී මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමේ ප්‍රතිඵලය බොහෝ දුරට 2023 දී ආර්ථිකය අවපාතයක් බවට පත් වන බවයි.

ඇමරිකාවේ ජනපධවලින් අඩකට වඩා වැඩි ප්‍රමාණයක් 2022 ඔක්තෝබර් මාසයේදී ආර්ථික ක්‍රියාකාරකම් මන්දගාමී වීමේ ලකුණු පෙන්නුම් කළ අතර,එය අවපාතයක මුල් සලකුණ බවට සංඥාවක් යැයි ශාන්ත ලුවී ෆෙඩරල් සංචිත බැංකුවේ වාර්තාවක සඳහන් වෙයි.

ජාතික නිෂ්පාදකයින්ගේ සංගමය විසින් පවත්වන ලද මත විමසුමකට අනුව, 2023 වන විට ඇමරිකා ආර්ථිකය අවපාතයකට මුහුණ දෙනු ඇතැයි නිෂ්පාදකයින්ගෙන් සියයට 62 ක් විශ්වාස කරන බව ඊයේ (5) The Hill පුවත්පත වාර්තා කළේය.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම