වසංගත පාලනයේ දී වර්ගවාදී නොවන්නැයි චීනය ඉල්ලයි
2023-01-06 17:34:34
Share with:

කිසිදු රටක් වර්ගවාදී වසංගත පාලන ප්‍රතිපත්ති ක්‍රියාත්මක නොකළ යුතු බව චීනය පවසයි

චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශිකා Mao Ning මහත්මිය අද(6) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේ දී පැවසුවේ චීනය වසංගත පාලන ප්‍රතිපත්ති වෙනස් කරන්නේ විද්‍යාත්මක ඇස්තමේන්තු පදනම් කරගනිමින් බවයි. චීනයේ වසංගත තත්ත්වය පාලනය කළ හැකි මෙන්ම, ඇස්තමේන්තු කළ හැකි මට්ටමක පවතී. යුරෝපා සංගමයේ සාමාජික රටවල් රැසක් පසුගිය දා ප්‍රකාශ කළේ, චීන සංචාරකයන් තම රටවලට  පිළිගන්නා අතර කිසිදු සීමාවක් නොපනවන බවයි.

ඕනෑම රටක් නිසියාකාරයෙන් විද්‍යාත්මක වසංගත පාලන ප්‍රතිපත්ති ක්‍රියාත්මක කළ යුතු බව ද Mao Ning මහත්මිය කියාසිටියාය. එම තත්ත්වය දේශපාලනීකරණය නොකළ යුතු බවත්, වර්ගවාදී පියවර නොගත යුතු බවත්, සාමාන්‍ය ජාත්‍යන්තර ගමනාගමනය, හුවමාරු හා සහයෝගිතාවලට බලපෑම් සිදු නොකළ යුතු බවත් ඇය පෙන්වා දෙයි. ඇතැම් රටවල් අසාධාරණ පියවර ගන්නේ නම්, වසංගත තත්ත්වය හා අදාළ අවශ්‍යතා සලකා චීනය ප්‍රතිපියවර ගනු ඇතැයි ද Mao Ning මහත්මිය අවධාරණය කළාය.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම