වසංගතයට මුහුණදීම සඳහා ජගත් ප්‍රජාව සමඟ සහයෝගිතා ශක්තිමත් කිරීමට සූදානම් බව චීනය කියයි
2023-01-06 19:35:13
Share with:

වසංගත අභියෝගයට මුහුණදීම සඳහා ජගත් ප්‍රජාව සමඟ සහයෝගිතා ශක්තිමත් කිරීමට තම රට සූදානම් බව චීනය කියයි.

චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශිකා Mao Ning මහත්මිය අද (6) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේ දී මේ බව ප්‍රකාශ කළාය.

නව කොරොනා වසංගතය හටගත් දා සිට චීන බලධාරීන් නීත්‍යනුකූලව, විවෘතව හා කාලෝචිතව, විනිවිදභාවයෙන් යුතුව ජාත්‍යන්තර ප්‍රජාවට වසංගතය පිළිබඳ තොරතුරු නිකුත් කරමින් සිටින අතර, ලෝක සෞඛ්‍ය සංවිධානය සමඟ සමීප සන්නිවේදනයක් ද පවත්වා ඇති බව Mao Ning මහත්මිය එහිදී සඳහන් කළාය.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇරයුමක් අනුව සාමාජික රටවල් දැනුවත් කිරීම සඳහා ඊයේ (5) පැවති  රැස්වීමකට චීන විශේෂඥයෝ ද සහභාගි වූහ. චීනයේ නව කොරොනා වසංගතය වැළැක්වීමේ හා පාලන පියවර, විකෘති‍ වෛරස නිරීක්ෂණය, එන්නත්කරණය සහ සායනික ප්‍රතිකාර පිළිබඳව ඔවුන් එහිදී විස්තර කර ඇතැයි ද Mao Ning මහත්මිය පැවසුවාය.

වසංගතයේ අභියෝගවලට ඵලදායී ලෙස ප්‍රතිචාර දක්වමින් ජනජීවිත සහ සෞඛ්‍යය මනාව ආරක්ෂා කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානය ඇතුළු ජාත්‍යන්තර ප්‍රජාව සමඟ සහයෝගිතා අඛණ්ඩව ශක්තිමත් කිරීමට චීනය කැමැත්තෙන් සිටින බව ද Mao Ning මහත්මිය ප්‍රකාශ කළාය.

ගුවන් විදුලිය
20230320සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම