චීන මධ්‍යම රජය සතු ව්‍යාපාරවල ඇස්තමේන්තුගත ආදායම ඉහළට
2023-01-06 12:05:38
Share with:

පසුගිය වසරේ චීන මධ්‍යම රජය සතු ව්‍යාපාරවල ඇස්තමේන්තුගත ආදායම් චීන යුවාන් ට්‍රිලියන 39.4ක් ලෙස වාර්තා වී ඇති අතර එය සියයට 8.3ක වැඩිවීමකි.

චීන රාජ්‍ය මණ්ඩලයේ රජය සතු වත්කම් අධීක්ෂණ සහ පරිපාලන කොමිෂන් සභාව ඊයේ (5) චීන මධ්‍යම රජය සතු ව්‍යාපාර යටතේ ඇති ව්‍යවසාය ප්‍රධානීන්ගේ රැස්වීමේ දී මේ බව අනාවරණය කළේය. 2022 වසරේ, මධ්‍යම රජය සතු ව්‍යාපාර  වසංගත සහ ගෝලීය උද්ධමනය වැනි අහිතකර සාධකයන්ට මුහුණ දී ඇත. නමුත්, එහි ප්‍රධාන මෙහෙයුම් දර්ශක, වෙළඳපළේ ප්‍රවණතාවයන්ට එරෙහිව නැඟී සිට විශිෂ්ට ප්‍රතිඵල අත්කර ගනිමින් චීන ආර්ථිකයේ ප්‍රධාන කේන්ද්‍රීය සාධකය සහ ශක්‍යතාවය බවට පත් වී තිබේ.

දත්තවලට අනුව, මධ්‍යම රජය සතු ව්‍යවසායන් 2022 වසරේ චීන යුවාන් ට්‍රිලියන 39.4ක මෙහෙයුම් ආදායමයක් ලබා ගැනීමට අපේක්ෂා කළ අතර එය සියයට 8.3ක වැඩිවීමකි. සමස්ත ලාභය චීන යුවාන් ට්‍රිලියන 2.55ක් වූ අතර එය සියයට 5.5ක වැඩිවීමකි. එසේම, ශුද්ධ ලාභය චීන යුවාන් ට්‍රිලියන 1.9ක් වූ අතර එය සියයට 5ක වැඩිවීමකි.  සමස්ත ලාභයේ වර්ධන වේගය, දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධන වේගයට වඩා ඉහළ අගයක් පෙන්නුම් කර ඇත.

ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම