පලස්තීන-ඊශ්‍රායල ගැටුම් තවදුරටත් උග්‍ර වීම වළක්වන ලෙසට චීනයෙන් ඉල්ලීමක්
2023-01-06 10:13:44
Share with:

පලස්තීන-ඊශ්‍රායල ගැටුම් තවදුරටත් උග්‍ර වීම වළක්වන ලෙස චීනය ඉල්ලා සිටී.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ චීන ස්ථාවර නියෝජිත චාං චියුන් මහතා ඊයේ (5) ආරක්ෂක මණ්ඩලය පලස්තීන ප්‍රශ්නය වෙනුවෙන් පැවැත්වූ හදිසි රැස්වීමේදී අදහස් දක්වමින් එම ඉල්ලීම කර ඇත.

මෑත වසරවල නැගෙනහිර ජෙරුසලම් හි ආගමික සිද්ධස්ථානවල ඊශ්‍රායලය ඒකපාර්ශ්වික ව ප්‍රකෝපකාරී ලෙස කටයුතු කළ බැවින් බොහෝ ලේ වැගිරීම් ‍සිදු විය. පසුගිය දා ඊශ්‍රායල නිලධාරීන් අල් අක්සා මුස්ලිම් පල්ලි සංකීර්ණයට ඇතුළු වීමෙන් ඊශ්‍රායල-පලස්තීන දෙපාර්ශ්වය අතර වඩාත් ගැටුම්කාරී තත්ත්වයක් හටගෙන තිබේ.

ආගමික සිද්ධස්ථානවල සාමය රැක ගන්නා ලෙසත්, පවතින තත්ත්වය වඩාත් උග්‍රවීම වැළැක්වීම වෙනුවෙන් සන්සුන් හා සංවර ව කටයුතු කරන ලෙසත්, චීනය අදාළ පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටින බව චාං චියුන් මහතා එහිදී කියා සිටියේ ය. විශේෂයෙන් ඊශ්‍රායලය සියලු ප්‍රකෝපකාරී ක්‍රියා සහ ගැටුම් උග්‍ර කරන ඕනෑම ආකාරයේ ඒකපාර්ශ්වික ක්‍රියා නතර කළ යුතු බව ඒ මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේ ය.

ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම