පුළුල් ක්ෂේත්‍ර වෙත වර්ධනය වන චීන පිලිපීන සබඳතාව
2023-01-06 09:55:36
Share with:

චීන ජනාධිපති ෂී ජින්පිං මහතා පසුගිය 4වනදා බෙයිජිංහි දී නිල සංචාරයක් සඳහා පැමිණ සිටි පිලිපීන ජනාධිපති Ferdinand Romualdez Marcos Jr.මහතා සමග සාකච්ඡා පැවැත්වීය. ද්විපාර්ශ්වික සම්බන්ධතාවයේ වැදගත්කම අවධාරණය කළ නායක දෙපල නිත්‍ය උපායමාර්ගික හුවමාරු පවත්වා ගෙන යාමට එකඟ‍ වෙමින් ප්‍රායෝගික සහයෝගතා හා  මුහුදු ගැටළු සම්බන්ධයෙන් ද වැදගත් එකඟතාවන්ට එළඹුනහ.

Ferdinand Romualdez Marcos Jr.මහතාගේ මෙවර චීන සංචාරය, පසුගිය වසරේ ජුනි මාසයේ ජනපති ධුරයට පත් වීමෙන් පසු ආසියාන් රටවල් නොවන රටක සිදු කළ ප්‍රථම සංචාරය වීමද විශේෂත්වයකි. ඔහු, චීන පාර්ශ්වය විසින් මෙම වසරේ පිළිගත් පළමු විදේශ නායකයා ද විය. චීන පිලිපීන සම්බන්ධතාවයේ සමීප බව ඉන් පිළිබිඹු වෙයි.

සිය අසල්වැසි රටවල් සමග රාජ්‍යතාන්ත්‍රික කටයුතු තුළ පිලිපීනය ප්‍රමුඛ ස්ථානයකට තබා ගෙන සිටින චීනය, උපායමාර්ගික හා සමස්ත කෝණයක සිට ද්විපාර්ශ්වික සම්බන්ධතාව සලකන බව චීන ජනාධිපතිවරයා එහිදී කියා සිටියේය. පිළිපීනය සමග ‘එකිනෙකාට සහාය වන ‍හොඳ අසල්වැසියන්, සමීප  ඥාතීන් හා පොදු ජයග්‍රහණ දිනා ගන්නා හොඳ හවුල්කරුවන්’ ලෙස අන්‍යෝන්‍ය වශයෙන් සලකමින් කටයුතු කිරීමට චීනය කැමති බව ද ඔහු සඳහන් කර ඇත.

මේ අතර මුහුදට අදාල ගැටළු මිත්‍රශීලි සාකච්ඡා මාර්ගයෙන් නිසි ලෙස පාලනය කිරීමට හැකි වෙතැයි මෙවර සාකච්ඡාවේදී චීන පාර්ශ්වය අපේක්ෂා පළ කළේය. ඛනිජ තෙල් හා ස්වභාවික ගෑස් ගවේෂණ සාකච්ඡා යළි ආරම්භ කරමින් මතභේද නොවූ කලාපයේ අදාල සහයෝගතා ඉදිරියට ගෙන යාම චීනයේ කැමැත්ත බව ද ප්‍රකාශ කෙරිණ. එහිදී  ‍ඛනිජ තෙල් හා ස්වභාවික ගෑස් ගවේෂණ සාකච්ඡා යළි ආරම්භ කිරීමට පිලිපීන පාර්ශ්වය කැමැත්ත දැක්වීය. 

දකුණු චීන මුහුදු කලාපයේ සාමය හා ස්ථාවරත්වය සහතික කිරීමට චීනය හා පිලිපීනයට විශ්වාසය, හැකියාව මෙන් බුද්ධිය ද සතු වන බව දෙරටේ ප්‍රකාශ තුළින් පිළිබිඹු විය. දකුණු චීන මුහුදු කලාපය, සාමය, මිත්‍රත්වය හා සහයෝගතාව පිළිබඳ කලාපයක් ලෙස ගොඩනැගීමේ අපේක්ෂාවෙන් යුක්තව මිත්‍රශීලි සාකච්ඡා මාර්ගයෙන් මතභේද විසඳා ගැනීම දෙපාර්ශ්වයේම බලාපොරොත්තුවය. දකුණු චීන මුහුදු ගැටළු ප්‍රයෝජනයට ගනිමින්  ආසියා ශාන්තිකර කලාපයේ එදිරිවාදිකම් ඇති කිරීමට උත්සාහ දරන බාහිර ‍බලවේගයන්ට මෙය දැඩි ප්‍රතිචාරයකි.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම