බටහිර එන්නත් කෙරෙහි බලාපොරොත්තු තබාගෙන සිටියේ නම් කොවිඩ් පාලනය කර ගැනීමට ශ්‍රී ලංකාවට හැකිවන්නේ නැහැ - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂ මහ ලේකම්
2023-01-06 09:33:40
Share with:

බටහිර එන්නත් කෙරෙහි බලාපොරෙත්තු තබාගෙන සිටියේ නම් කොවිඩ් පාලනය කර ගැනීමට ශ්‍රී ලංකාවට නොහැකි වනු ඇතැයි ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂ මහ ලේකම් විශේෂඥ වෛද්‍ය ජී වීරසිංහ මහතා පවසයි. චීනය ලබා දුන් එන්නත් පරිත්‍යාගයන් වෛරසය පාලනය කර ගැනීමට බෙහෙවින් උපකාරී විය. චීනයෙන් ශ්‍රී ලංකාවට එන්නත් මිලියන 26ක් පමණ ආනයනය කෙරිණ. ඉන් මිලියන තුනක්ම පරිත්‍යාග වශයෙන් ලැබිණ. ශ්‍රී ලංකාවේ කොවිඩ් වසංගතය පැවති මුල් කාලයේ දෙවන එන්නත බූස්ටර් එන්නතක් සේ සැලකූ බවද හෙතෙම කියා සිටී. ඒ අනුව එන්නත් ලැබූ මුලු ජනගහනය මිලියන 16ක් නම් මිලියන 13කට පමණ ලබාදී ඇත්තේ සිනොෆාම් එන්නතය. 2021 වසරේ මැද බාගය වන විට මෙම එන්නත් ලැබිණ. බටහිර එන්නත් ලැබීම සිදුවූයේද  පොරොන්දු වූ ආකාරයට වඩා ප්‍රමාදවීමෙනි.

ශ්‍රී ලංකාව වැනි රටවලට තමන් ගෙන් පමණක් එන්නත් හෝ ඖෂධ මිළදී ගන්නා ලෙසට චීනය කිසිදු අවස්ථාවක බලපෑම් සිදු කර නොමැත.  මේ වන විට චීන විරෝධී බටහිර මාධ්‍ය පදනම් විරහිතව ගෙන යන අසත්‍ය ප්‍රචාරයන් දිගින් දිගටම දැක ගත හැකිය. එම ප්‍රචාර සම්පූර්ණයෙන් බැහැර කළ යුතු බවද ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂ මහ ලේකම්වරයා කියා සිටී.

වර්තමානයේ ඖෂධ සම්බන්ධයෙන් අර්බුදයක සිටින ශ්‍රී ලංකාවට පසුගිය මාස පහක පමණ කාලය තුළ චීනය විසින් බිලියන 5ක පමණ වෛද්‍යාධාර ලබාදීමට කටයුතු කර තිබේ. වෙනත් රටවලින් එසේ ලැබී නොමැති බව ද විශේෂඥ වෛද්‍ය ජී. වීරසිංහ මහතා සඳහන් කරයි. 

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම