රුසියාව සහ යුක්රේනය අතර දීර්ඝ කාලීන සටන් විරාමයක් සඳහා මැදිහත් වීමට තුර්කිය සූදානම් බවට තුර්කි ජනපතිගෙන් ප්‍රකාශයක්
2023-01-06 10:22:21
Share with:

තුර්කි ජනාධිපති Recep Tayyip Erdogan මහතා ඊයේ(5) රුසියාව සහ යුක්රේනයේ ජනාධිපතිවරුන් සමඟ වෙන් වෙන් වශයෙන් දුරකථන සාකච්ඡාවල නිරත විය.

හෙතෙම යුක්රේන ජනාධිපති volodymyr zelenskyy මහතා සමඟ සාකච්ඡා කරමින්, රුසියාව සහ යුක්රේනය අතර දීර්ඝ කාලීන සටන් විරාමයක් සඳහා මැදිහත් වීමට තුර්කිය සූදානම් බව ප්‍රකාශ කර ඇත.

රුසියානු ජනාධිපති Vladimir Vladimirovich Putin මහතා සමඟ සාකච්ඡා කළ තුර්කි ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ, රුසියාව සහ යුක්රේනය අතර සාමය සඳහා වන සාකච්ඡා 'ඒකපාර්ශ්වික සටන් විරාමයක් සහ සාධාරණ විසඳුමක් ලබා ගැනීම උදෙසා' පිටුබලයක් වන බවයි.

ස්වාභාවික වායු මධ්‍යස්ථානයක් ඉදිකිරීම සඳහා තුර්කිය යටිතල පහසුකම් වැඩිදියුණු කිරීමට අපේක්ෂා කරන බවත් ,එම සැලැස්මේ මාර්ග සිතියම හැකි ඉක්මනින් අවසන් කර එය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පියවර ගැනීමට තුර්කිය බලාපොරොත්තු වන බවත්, Recep Tayyip Erdogan මහතා ප්‍රකාශ කළේය.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම