පිලිපීනය සමග වසර දහසක සැබෑ මිතුදමක් ගොඩනැගීමට චීනයෙන් අපේක්ෂා
2023-01-05 17:38:29
Share with:

චීන-පිලිපීන නායකයන් එළඹුණු පොදු එකඟතාවන්ට අනුගත වෙමින් පිලිපීනය සමඟ වසර දහසක මිතුදමක් අඛණ්ඩව පවත්වා ගැනීමට කැමැත්තෙන් සිටින බව චීනය පවසයි.

චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශිකා MaoNing මහත්මිය අද(5) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී මේ බව ප්‍රකාශ කළාය.

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා සහ පිලිපීන ජනාධිපති Ferdinand Marcos මහතා ඊයේ (4) පැවැත්වූ සාකච්ඡාවේදී දෙරට සබඳතාවේ ඉදිරි සංවර්ධනය පිළිබඳ නව එකඟතාවන්ට පැමිණ ඇතැයි ද MaoNing මහත්මිය එහිදී සඳහන් කළාය.

Ferdinand Marcos මහතාගේ මෙවර චීන සංචාරයෙන් නව යුගයේ චීන-පිලිපීන සබඳතා සංවර්ධනයට වැදගත් දායකත්වයක් සැපයුණු බව ඇය පෙන්වා දුන්නාය. පිලිපීනය සමඟ එක්ව දෙරට පොදු ජයග්‍රහණ පුළුල් කොට සබඳතා වැඩිදියුණු කරමින්, කලාපීය සාමය හා ස්ථාවරත්වය සඳහා ධනාත්මක ශක්තියක් තිළිණ කිරීමට චීනය කැමැත්තෙන් සිටින බව ද MaoNing මහත්මිය පැවසුවාය.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම